Latest News

Monday, October 12, 2015

තොල් පෙති සිප ගන්නේ බලාගෙනයි..



තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති. ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි. 

මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්

පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.

ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි.

කොස් වලින් සුදු වන ක්‍රමය හා දියවැඩියාව නසන ක්‍රම දැන්ම කියවන්න.




ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්.

කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු කොස් මදුළු
දෙහි ඇඹුල් අවශ්‍ය තරම් 

ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය

පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි. 

රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න

පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි.

තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. 

දියවැඩියාව නසන කොස් අත් ඛෙහෙත

කොස් කොළ කලං 16 
කොස් මුල් කලං 03 
කොතල හිඹුටු කලං 03 
වතුර කාල් 08 වතුර කාල් 08 

කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි. 

තවද දිය වැඩියාවට කොස් කොළ හා මිනීමල් පැළැටියේ (පස්පෙති ) මුල් එකට දමා තම්බා බීම සාර්ථක ඔසුවකි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.

දරු ප‍්‍රසුතියෙන් පසු ප‍්‍රසුතියෙන් පසු ආහාර ගන්නා කාලයේ පොළොස් ගැට උයා ආහාරයට දීමෙන් ගර්භාෂය පිරිසුදු වෙනවා මෙන්ම කිරි එරෙන බවද සදහන්.

එමෙන්ම ඔසප් දෝෂ සමනය කරන්නන් පොළොස් ගැට මාළුව ගුණයි.

කුෂ්ඨ රෝග හා පරණ තුවාල සුව කරයි. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලු සුරාගෙන තලතෙලින් මලවා බඳීන්න. මෙයටම කහකුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.

වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. 

බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා. 

නින්ද නොයන අයට ඉතාමත් ළා කොස් දළු වලින් මාළුව උයා කන්නට දීම මෙන්ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා. 

මත් ගතිය නැති කිරීමට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි. ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. 


ඉදුනු කොස්කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. 

Friday, October 2, 2015

ස්වයං වින්දනය පිරිමින්ට යහපත් වෙන්නේ ඇයි?

ස්වයං වින්දනය ගැන විවිධ මත පල වෙනවා. සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසනවා.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර
 පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී තිඛෙනවා.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැකි බව ඔවුන් පවසනවා.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වනවා. මැදි විය පසු කරමින් සිටින පිරිමින්ට වැළඬෙන පිළිකා අතරින් ප්‍රධානම වන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාව වනවා.

ස්වයං වින්දනය සම්බන්ධව විවිධ මිත්‍යා මත සමාජයේ පවතිනවා.ස්වයං වින්දනය නිසා පසු කාලීනව වඳ භාවයට පත් වන බව ඉන් එක් වැරදි මතයක්. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. එමෙන්ම පිරිමියෙකුගේ ජිවිත කාලය පුරාම සිදු වන ශුක්‍රාණු නිපදවීම ස්වයං වින්දනය මගින් ලොකු බලපෑමක් එල්ල වන්නේ නැහැ. 
       
   

Recent Post