Latest News

Monday, February 29, 2016

අද කියල දෙන්න යන්නෙ බඩ අඩු කර ගන්න සුපිරි විනාඩි 6 ව්‍යායාම් මාලාවක් ........

ඉදිරියට නෙරා ආපු බඩ අඩු කර ගන්න මීට පෙරත් සුපිරි විනාඩි 6 ව්‍යායාම් මාලාවක් ගැන කියල දුන්නා. අද කියල දෙන්න යන්නෙත් අන්න ඒ වගේ ඉතාම එලදායි ව්‍යායාමයක්. මෙතැනදී වැදගත් දේ වන්නේ ඔබට කිරීමට ඇත්තේ ව්‍යායාම් මාලාවක් නොව එකම  එක ව්‍යායාමයක් පමණක් වීමයි. ඒ වගේම මේ සදහා දිනකට වැය කල යුතු වන්නේ මිනිත්තු 4ක් පමණක් වීමත් ලොකු වාසියක්.

One-Exercise-4-minutes-28-d


අපි කියලා දෙන විදියට එක් එක් දිනට කල යුතු නියමිත කාලයන් සම්පුර්ණකරමින් හරියටම දින 28ක් මේ ව්‍යායාමය කිරීම මගින් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ අවලස්සන ඉදිරියට නෙරා ආපු බඩ සම්පුර්ණයයෙන්ම නැති කර ගෙන ආකර්ශනිය දැකුම්කලූ සිරුරුක හිමිකරුවෙකු වෙන්න පුළුවන්.
දැනටමත් ලොව පුරා වෙසෙන මිනිසුන් මේ දින 28 තනි ව්‍යායාමයේ අභියෝගය භාර අරගෙන අතිශයන්ම සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ ව්‍යායාමය අප හදුන්වන්නේ planks නමින්. මෙමගින් ශරීරයේ මධ්‍ය ප‍්‍රදේශය ඉතා හොදින් වෙහෙසවා ටයර් ආකාරයෙන් බඩ වටා පිරි ඇති මේද තට්ටු ඉතාම ඉක්මනින් දිය කර හරිනවා. මේ ව්‍යායාමය කරන්න පටන් ගත්තම ඔබට හිතෙන්න පුළුවන් මේක මොන සරල ව්‍යයාමයක්ද කියලා. නමුත් මෙමගින් තම ශරීරයේ බරම යොදා ගනිමින් සිරුරේ විශාල මස් පිඩු ප‍්‍රමාණයකට බලපෑම් එල්ල කර මේදය දිය කර හරිනවා.

ඉහත පින්තුරය දෙස හොදින් බලන්න. වැලිමිටි වලින් හා පාදයේ ඇගිලි වලින් එසවෙමින් ශරීරය සමාන්තර රේඛාවක පවත්වා ගැනීමට උත්සාහ කරන්න.
පළමු දිනයේ සිට පහත දැක්වෙන කාලයන් මේ ඉරියව්වෙන් සිටීමට උත්සාහ කරන්න
1 දිනය – තත්පර 20
2 දිනය – තත්පර 20
3 දිනය – තත්පර 30
4 දිනය – තත්පර 30
5 දිනය – තත්පර 40
6 දිනය – විවේක දිනය
7 දිනය – තත්පර 45
8 දිනය – තත්පර 45
9 දිනය – තත්පර 60
10 දිනය – තත්පර 60
11 දිනය – තත්පර 60
12 දිනය – තත්පර 90
13 දිනය – විවේක දිනය
14 දිනය – තත්පර 90
15 දිනය – තත්පර 90
16 දිනය – තත්පර 120
17 දිනය – තත්පර 120
18 දිනය – තත්පර 150
19 දිනය – විවේක දිනය
20 දිනය – තත්පර 150
21 දිනය – තත්පර 150
22 දිනය – තත්පර 180
23 දිනය – තත්පර 180
24 දිනය – තත්පර 210
25 දිනය – විවේක දිනය
26 දිනය –  තත්පර 210
27 දිනය – තත්පර 240
28 දිනය – ඔබට පුළුවන් තරම් වෙලා ව්‍යායාමය කරන්න

ව්‍යායාම කිරීම කියන්නේ ශරිරයට වදයක් වෙන ආකාරයෙන් ගොඩක් වෙලාවක් ව්‍යායාම් කිරීම නොවෙයි. ශරීරයේ මස් පිඩු වලට කලානුරුපිව විවේකයන ලබා දෙමින් සරලව පටන් ගනිමින් ව්‍යායාමයේ බලවත් කම ටික ටික වැඩි කරමින් ශරීරයට ඇත්තම දැනෙන ලෙස ව්‍යායාම කිරීමයි අප කල යුතු වෙන්නේ. එවිට ඔබට ව්‍යායාම කිරීම එපා වෙන්නෙත් නෑ මේ ව්‍යායාම් මාලාව බඩ තියෙන අයට මේදය දහනය කර ගෙන බඩ අඩු කර ගන්නත් බඩ නැති කෙට්ටු අය හැමදාටම තම
ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත් ඉවහල් වේවි.

පෙනහළු තුළ ඇති සෙම ඉවත්කර කැස්ස සුව කර ගැනිම සඳහා ගෙදරදීම සකසාගත හැකික් පානය

අද අප ඔබව දැනුවත් කරන්නේ කැස්ස සුව කර ගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.

syrup

කැස්ස කියන්නේ නිතර සමාජයේ දක්නට තියෙන සෞඛ්‍ය ගැටළුවක්. දෙසැම්බර් ජනවාරි වගේ සීතල කාලවලදී මේ තත්වය බහුලව දකින්න පුළුවන්. මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයාලට මේ ප‍්‍රතිකර්මය ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මේ පානය බාල මහලූ ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්.
මේ පානය හදන්න හදන්න ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නේ කැරට්. කැරට් කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනුන එළවළුවක්. ඒ වගේම කැරට් අධි රුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්. ඔයා මේ එළවළු උයල කනවට වඩා ජූස් එකක් විදිහට බොන්න පුලූවන්නම් තමයි වඩා ගුණ දායක. මොකද ජුස් එකක් විදිහට පෝෂ්‍ය කොටස් කොටස් සංකේන්ද‍්‍රණය වීම වැඩි නිසා.
කැරට් වල තියෙන සෞඛය ප‍්‍රතිලාභ
*ප‍්‍රතිශක්තිය වර්ධනය හා හදවත රුධිරවාහිනී පද්දතියේ ක‍්‍රමවත් ක‍්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම
*ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම අවම කිරීම
*පිළිකා ඇතිවීම වැලක්වීම
*සම මත කුරුලෑ හටගැනීම පාලනය කිරීම විටමින් A බහුල ආහාරයක් වීම( මේ විටමින් ඔයාට පැහැපත් සමක් ලබාදෙනවා)

*සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීම
*ආහාර ජීරණය පහසු කරවීම
දැන් අපි බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියල
උවමනා දේවල්
කැරට් කිලෝ භාගයයි
පිරිසිදු මී පැණි මේස හැදී 4ක්
ජලය
සකස් කර ගන්නා ආකාරය
මුලින්ම කැරට් ටික හොදින් පිරිසුදු කරගෙන කුඩා කෑලි වලට කපාගන්න ඕන.
ඊට පස්සේ කැරට් කැලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න ඕන. තම්බ ගත්තු වතුර ටික විසි කරන්න එපා
එහෙම තම්බගත්තු කැරට් කෑලි ටික අරන් බ්ලෙන්ඩර් එකකට දාල ජුස් එක හදාගන්න ඕන.
ඊළ ට අපි කලින් කැරට් තම්බන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාල ඒකටම මී පැණි ටිකත්
එකතු කරගන්න.
දැන් අපි හදාගත්ත කැරට් තලපය ඒකට එකතු කරගෙන හොදට කවලම් කරගන්න.
ඔන්න අපි කැස්ස සුවකර ගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශිතකරණයක තියන්න අමතක කරන්න එපා.ඔයා හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕන. දවස් 2ක් ඇතුලත ඔයාට සහනයක් ලැබේවි. මේ බේත ඔයාගේ පෙනහළුවල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙන දෙවි .
අනිත් දේ තමයි ඔය ගෙදරදීම හදාගන්න මේ බෙහෙත වෙනත් බෙභෙත් වට්ටෝරු හා ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වගේම අතුරු ආබාධ වලින් තොරයි . ඔයාගේ වටිනා කාලය මේ වාර්තාව කියවන්න වැයකලාට ගොඩාක් ස්තුතියි. මේ දැනුම ඔයා ආදරය කරන යාළුවන් එක්ක වගේම පවූලේ අය එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

Recent Post