Latest News

Sunday, February 25, 2018

ලෙඩක් සෑදීගෙන එනවිටදී ගෙදරදීම පිළියල කරගත හැකි වටිනා සිංහල බෙහෙත් වට්ටෝරු 50ක්


1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
2. සෙම්ප්‍රතිශ්‍යා උණට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
4. සෙම සහිත කැස්සට
අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
5. පපුවේ සෙමට
සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
6. සෙම් ගෙඬිවලට
I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.
7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
8. කැස්සට
I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
9. වේලුම් කැස්සට
ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
10. පීනසයට
අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)
11. ඇදුමට
I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )
II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.
13. මුහුණේ තිත් ලප වලට
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)
14. මුහුණේ තිත් ලප නැති වීමට
කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)
15. කුරුළෑවලට
I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)
16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක්
I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.
II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.
17. කට ගඳ නැතිවීමට
ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.
18. කටහඩ මිහිරි වීමට
I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
වරකට කළං 1/2 යි
II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)
19. දත් ඇදෙනවාට සවිවීමට
කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.(දත් රෝග නසා තදින් දත් සවිවේ.)
20. අකාලයේ දත් සෙලවීමට
කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)
21. දත් කැක්කුමට
සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.
22. දත් පණුවන් කෑමට
I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.
II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.
23. දත් සුද්ද කිරීමට
ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.
24. කණ් කැක්කුමට
I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
II – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
25. කණ පැසවීමට
I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.
II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.
III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.
26. කණේ සතෙක් ගිය විට
දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.
27. ඉස්හොරි
I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.
28. උකුණන් වඳකර ගැනීමට
I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති
II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.
29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට
වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.
30. අකලට සුදුවෙන කෙස් කඵවීමට
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.
31. හිසේ කෙස් යනවාට
උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)
32. තද හිස රුදාවට
I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.
II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.
III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.
IV – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.
V – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.
33. ඉරුවාරදයට
I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.
III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.
34. නාසයෙන් ලේ යනවාට
I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.
II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.
III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.
IV – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.
35. නාසයේ මස් ඳඵ වලට
වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.
36. නාසයේ වේලුමට
නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.
37. අඵහම් වලට
(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.
II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)
38. පණු කැවිළි දද වලට
I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.
II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.
III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.
39. අල්ලේ පණු කැවළි වලට
I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.
II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.
40. පණු හොරි වලට
I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.
II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.
41. ඉන්නන්ට
I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.
II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.
III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ
IV – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.
42. කට තොල සුදු කබරවලට
I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.
II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.
43. ගතේ සුදු කබරවලට
I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.
II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.
44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට
I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.
II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.
III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.
IV – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)
45. බඩේ අඡීර්ණයට
I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.
II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.
46. අඡීර්ණ පිච්චී යාමට
කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.
47. කෑම අරුචිය
I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)
II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.
48. බඩේ දැවිල්ලට
I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.
II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.
III – පුහුල් මද ඉස්ම බොන්න.
49. මෙම කසාය බොන්න
කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
50. කිරි පණුගායට
පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)
(කවදා කාට හෝ ප්‍රයෝජනවත් වේවි. ශෙයා කරන්න)

Saturday, February 24, 2018

පවුලේ අයත් එක්ක ඩුබායි ගිය ශ්‍රී දේවි මියගිය ඇත්තම හේතුව මෙන්න (VIDEO)


හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය යන විට 54 වැනි වියේ පසුවුණා.සිය ස්වාමිපුරුෂයා වන බොනී කපූර් සහ බාල දියණිය වන කුෂී සමග ඩුබායි හි පැවති මංගල උත්සවයකට සහභාගි වන අතරතුර ඇය මෙලෙස මියගොස් ඇති බවයි එන්.ඞී. ටී.වී. පුවත් සේවය වාර්තා කළේ.1963 වසරේදී උපත ලැබූ ශ‍්‍රී දේවි, බොලිවුඞ් සිනමාවට අවතීර්ණ වන්නේ ‘දිවා’ චිත‍්‍රපටයෙන්.
ඒ වනවිට ඇගේ වයස අවුරුදු 4ක් වීමද විශේෂත්වයක්.1978 බොලිවුඞ් සිනමාවට අවතීර්ණ වීමට පෙර ශ‍්‍රී දේවි කන්නඩ, මලයාලම්, දෙමළ සහ තෙලිඟු චිත‍්‍රපට රැුසකටද රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
ඇය මිය යාමට සත්‍ය හේතුව කුමක්දැයි පහත වීඩියෝව නැරඹුවහොත් ඔබට වැටහේවි.


Tuesday, February 6, 2018

සජිත් ප්‍රේමදාසගේ පදයට ජනතාව නටයි මෙන්න සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි සියලුදෙනාට රැස්වීම පැත්තක දමා කාවඩි බයිලා දීපු හැටි

10

3
සජිත් ප්‍රේමදාස අැමතිතුමා කියන්නේ කවදත් පොඩි මිනිහාගේ දුක හදුනා ගත්ත නායකයෙක්. කවදත් මිනිස්සු අතරට ගිය එතුමා බොහොම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්.එතුමා රැස්වීමකට ගියාම සිංදුවක් කියන්නේ නැතුව යන්න නම් පාක්ෂිකයන් ඉඩ දෙන්නේ නෑ. හැබැයි එතුමාගේ සැඟවුණ දක්ෂතාවක් පහුගියදා රැස්වීමකදී බලා ගන්න පුළුවන් වුණා.ගායනයට දක්ෂ අැමතිතුමා වාදනයටත් දක්ෂයි කියලා හැමෝම ඉස්සරහා ඔප්පු කරලා පෙන්නුවා. එතුමා වේදිකාවේදී හරි අපූරුවට ඩ්‍රම්ස් වාදනය කරා. පසුබිමෙන් ලැබුණ සංගීතයට ඩ්‍රම්ස් ගහපු සජිත් අැමතිතුමාට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.


Thursday, February 1, 2018

සංචාරක ඇමති ජෝන්ගේ නිරුවත් පිංතූරයක් අන්තර්ජාලය කලඹයි


සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ නිරුවත් චායාරූපයක් මේවන විට අන්තර්ජාලය හරහා විශාල ලෙස පැතිරයමින් පවතී....

මෙය කවුරුන් කෙසේ අන්තර්ජාලට මුදා හැරියාද කියා තවම නිශ්චිත තොරතුරක් නොමැත.

Wednesday, January 31, 2018

Cheat Point Blank Garena Indonesia 31 Januari 2018 - Esp Hack, Aim Bullet, Auto Killer, No Recoil, Macro Weapon, Replace Weapon, Full Mode VIP


Cheat Purworejo Update Cheat Point Blank Garena Indonesia Tanggal 01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Januari 2018. Cheat work untuk Point Blank Garena Indonesia dengan Update Patch Developer 1180. Untuk menghindari adanya error/crash pada saat menggunakan cheat, anda harus mendownload cheat dari website resmi kami hanya di www.citpurworejo.com  dan bukan yang lainnya ya gays!

Fiture yang kami berikan :
  • CrossHair
  • Esp Line
  • Esp Bone
  • Esp Health
  • Esp Name
  • Aim Bullet (Sasaran Head/Body)
  • Near CrossHair (Arahkan Crosshair ke Musuh akan Otomatis Lock Target)
  • Auto Shot (NEW Fiture!)
  • Auto Fire
  • Quick Change (NEW Fiture!)
  • No Recoil
  • Macro Weapon
  • Unlimited Ammo (NEW Fiture!)
  • Rapid Fire
  • Hide Nick
  • Bug Unyu
  • Jump High (NEW Fiture!)
  • Anti Kick RM
  • Blank Channel & Server
  • Suicide (*END)
  • Shield Bomb
  • Reborn Chara
  • Auto Killer (*HOT)
  • Teleport Mode (*HOT)
  • Replace Weapon
  • Move D3D Menu
  • Force Exit Game (*F12)
 Petunjuk Penggunaan :


  • Arah Panah Atas dan Bawah = Pilih Menu Cheat
  • Arah Panah Kanan = Membuka Folder dan On kan Fiture Cheat
  • Arah Panah Kiri = Menutup Folder dan Off kan Fiture Cheat
  • INSERT = Menyembunyikan D3D Menu Cheat
  • F12 = Keluar Game Dengan Cepat
 Informasi : 
Saran untuk Instal Deep Freeze atau Shadow Defender (Agar terhindar dari Windows Error)
Sebelum Mendownload Cheat, disable Antivirus dulu!!
Status Cheat Work All OS Windows!!

Error MSVCR100.dll atau D3DX_43.dll? Download File Pendukung disini
Namanya juga Cheat Freem syukuri fiture yang sudah kami sediakan
Jikalau terkena Banned ID kami tidak bertanggungjawab!
Gunakan Char tumbal terlebih dahulu saat menggunakan Cheat!
Apabila Cheat tidak Work atau Error bisa konsultasi ke Groups Facebook kami

Recent Post