ඔබගේ මනස්කාන්ත බවින් අඩු කොණ්ඩය නිසා ඔබ වෙහෙසට පත්වෙලාද? නිරෝගීමත්,දඟකාර ,දීප්තිමත් straight කොණ්ඩයක් ඔබට හීනයක් වෙලාද?කොහෙත්ම නැහැ…සුළු උපකරණ කිහිපයකින් සහ නිෂ්පාදන කිහිපයකින් පමණක් ඔබට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන්.කැරළි සහිත හෝ straight වර්ගයේ කුමන කොණ්ඩයකින් ඔබ මේ මෙහෙයුම ආරම්භ කලත් ප්රතිඵලය නම් ,ඔබ මනා පෙනුමකින් යුතු කොණ්ඩයක හිමිකාරියක් වීමයි…

01. සල්ෆේට් රහිත නිෂ්පාදන පමණක් භාවිතා කරමින් ඔබේ කොණ්ඩය සෝදන්න.. Condition කරන්න…
110
සල්ෆේට් වලින් වැළකීමෙන් ඔබේ වරලස frizzy look එකක්, එහෙමත් නැතිනම් කැරළි සහිත වියවුල් බවකින් වළක්වාගැනීමට වගේම කෙස් ගස් පැලීමෙන් සහ හානි වීමෙන් වළක්වා ගන්න පුළුවන්.ඔබ දැන් වෙනත් ක්රියාකාරී shampoo එකක් වෙත ගමන් කරන්න පුළුවන්..නමුත් එය අමතර ප්රයත්නයක්ම විතරයි. Alcohol ද ඔබේ කොණ්ඩය වියළි බවට පත් කරනවා.ඇත්තෙන්ම නරකයි… බොහෝවිට වැදගත් වන්නේ සල්ෆේට් භාවිතයෙන් ඈත් වීමයි.නමුත් ඔබට හැකිනම් සල්ෆේට් සහ Alcohol යන දෙකෙන්ම වළකින්න…

02. තුවා භාවිතය …
212
බොහෝ අය වැඩිපුර නොහිතන දෙයක්.නෑමෙන් පසුව සාමාන්ය තුවායක් භාවිතයෙන් ඔබේ කොණ්ඩය පිසදමන්න එපා.සාමාන්ය තුවා රෙද්දක ඇති ඉතා කුඩා fibers,එහෙමත් නැතිනම් තන්තු කොටස් ඔබේ කොණ්ඩයට frizzy look එකක් ගෙන දෙන්න පුළුවන්.ඒ වෙනුවට හරිම පහසු දෙයක් ඔබට අනුගමනය කරන්න පුළුවන්.ඔබේ පැරණි T-shirt එකක් හෝ ඔබට සොයා ගැනීමට හැකි නම් microfiber towel එකක්,එහෙමත් නැතිනම් කුඩාම තන්තු වලින් සකස් වූ තුවායක් මගින් කොණ්ඩය පිසදැමීම පහසුවෙන් කල හැකියි.නමුත් තවත් දෙයක් මතක තියාගන්න.පිසදැමීමේදී ඇතිල්ලීම හෝ තදින් ඇදීමත් සුදුසු වන්නේ නැහැ…

03. කොණ්ඩය පීරීම…
311
තවත් විශේෂිතම කරුණක්.දැති ඈතින් පිහිටි පනාවක් තමයි කොණ්ඩය පීරීමට සුදුසුම පනාව. Brush එකක් නම් කොහෙත්ම සුදුසු නැහැ.තෙත සහිත කෙස් අග සිට මුලට පීරීම සුදුසුම ක්රමයයි.පීරීම සිදු කරන අතරතුර conditioner ගල්වන්න.පසුව කොණ්ඩයට conditioner හොඳින් මුසු වන ලෙස සෙමින් පිරිමදින්න.නමුත් කෙස්ගසේ මූලයේ සිට අඟල් දෙකක් පමණ කොටසක් මඟ හැර, එසේ නැතිනම් හිස් කබලේ ගෑවීමකින් තොරව conditioner ආලේපය වැදගත්. Conditioner ආලේපය හොඳින් පැතිරීයාම සඳහා ඔබේ කොණ්ඩය පනාවෙන් කිහිපවරක් හොඳින් පිරිමදින්න…

04. උණුසුම්කරණයෙන් ආරක්ෂාව සැපයීම
411
Blow dry හෝ straight කිරීමෙන් කොණ්ඩයට සිදුවන හානිය සම්පූර්ණයෙන් වැළක්වීමේ හැකියාවක් Heat protectants එහෙමත් නැතිනම්, උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ද්රව්යයන්ට නැහැ.නමුත් ඉන් එම හානිය සීමා කිරීමක් සිදු කල හැකියි.එබැවින් උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ඔබේ නිෂ්පාදනය මුළු කොණ්ඩය මතට Spray කරන්න. කොණ්ඩයේ මතුපිටට වගේම ඇතුළත කොටසටත්… (මෙය වඩා පහසුවෙනවා ඔබ ඔබේ හිස පහතට කර සහ නැවත ඉහළට ඔසවා spray කිරීම මගින්)

05. Blow Dry කිරීම.
59
රූපසටහනේ දැක්වෙන ආකාරයේ round brush එකක් මේ සඳහා ඉතාම සුදුසුයි.කොටස් වශයෙන් බෙදා ගත් කෙස් කොටස් ගෙන blow dryer එක මදක් ඇලකොට round brush එක ආධාරයෙන් blow dry කිරීම සිදු කරන්න.මුල සිට අග දක්වාම කොටස් වශයෙන් blow dry කිරීම සිදු කර නිමා කරන්න…

06. අයන් කිරීම …(අවශ්යනම් පමණක්.)
69
තවමත් ඔබේ කොණ්ඩයේ පිම්බුණු ස්වභාවයකින් යුතු කෙස් කොටස් වේ නම් ඊට කදිම විසඳුම අයන් කිරීමයි. උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ඔබේ නිෂ්පාදනයෙන් මදක් කොණ්ඩය මතට spray කිරීමෙන් පසුව flat අයන් එකක් එහෙමත් නැතිනම් පැතලි අයන් එකක් මගින් මෙය සිදු කල හැකියි.කුඩා කොටස් ලෙස වෙන්කරගත් කෙස් කොටස් කෙස් ගස මුදුනේ සිට පහලට ඉතා සෙමින් අයන් කිරීමෙන් වඩා නිමාවෙන් යුතු කොණ්ඩයක් ඔබටත්…

07. අමතර ආලේපයකින් ඔබේ මෙහෙයුම නිමා කරන්න… (අවශ්යනම් පමණක්.)
79
මෙවැනි දිගු සත්කාරයකින් පසු මනා සෘජු පෙනුමක් එහෙමත් නැතිනම් straight look එකක් ඔබේ කොණ්ඩයට ලැබෙනවා සහතිකයි.නමුත් එය දවස පුරා එලෙසින්ම තබාගැනීම තීරණය වන කරුණු කිහිපයක් තිබෙනවා.ඔබේ කොණ්ඩයේ ස්වභාවය,එහි දිග වගේම ඔබ සිටින ස්ථානයත් ඉන් ප්රධානයි.නමුත් straight look එකට දිගුකාලින පෙනුමක් ලබාදීමේ හැකියාවක් නැතුවම නොවෙයි.. Anti-humidity (වියවුල් සහිත පෙනුම වළක්වාලන) ක්රීම් වර්ග, spray වර්ග මෙන්ම Styling cream, Shine spray ඊට කදිමයි.නමුත් hairspray නම් තහනම්…
නීරෝගිමත් ,දිදුළන ,දඟකාර කොණ්ඩයකින් ඔබට නව ජීවයක්…