Latest News

Tuesday, December 15, 2015

කරදරකාරී Blackheads වලින් සදහටම මිදීමට මෙම සරල උපක‍්‍රමය අත්හදා බලන්න.

Blackheads

ඔබත් මෙම කරදරකාරී Blackheads වලින් වද විදින කෙනෙක්ද ?…. මොන දේ කරලා බැලූවත් තාමත් ප‍්‍රතිපලයක් නැතිද ?…. එසේනම් මෙම ලිපිය ඔබට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේවි…
ඔබ වෙලදපොලේ ඇති මිල අධික ස්ට‍්‍රයිප්ස් (strips) සහ විවිධ කෙල්න්සර් (cleansers) වර්ග භාවිත කල අයෙක් නම් දැනටමත් ඔබට වැටහී ඇති ඒවා තාවකාලික විසදුමක් මිස සදාකාලික විසදුමක් නොවන බව… ඇත්තෙන්ම ඔබ වියදම් කරන මුදලට කිසිදු වටිනාකමක් ඒවායින් නොලැබෙනු ඇත.
නමුත් මේ පුදුම සහගත වට්ටෝරුව ඔබ මිලදී ගත් කිසිවකට වඩා ප‍්‍රතිඵල ගෙනදේවි…. නැවතත් ඔබට Blackheads වලින් කරදර විදීමට වෙන එකක් නැහැ…

අවශ්‍ය ද්‍රව්‍ය…

* ලෙමන් යුෂ තේ හැදී භාගයක්
* මුහුදු ලූණු මේස හැදී 1 ක්
* උණු වතුර

සාදා ගන්නා ආකාරය…

කුඩා භාජනයක දෙහි යුෂ ලූණු සමග උණු වතුර මේස හැදී එකක් පමණ මිශ‍්‍ර කර ගන්න…
දැන් මෙම මිශ‍්‍රණය ඔබගේ මුළු මුහුණටම ආලේප කරන්න… විශේෂයෙන්ම Blackheads වැඩිපුර ඇති ස්ථාන වල වැඩිපුර ආලේප කරන්න.
ඉන් පසු උණුසුම් තෙත කුඩා තුවායක් හෝ ලේන්සුවක් ගෙන වුර්තාකාරව මුහුණ මත මිශ‍්‍රණය තවරමින් සම්භාහනය කරන්න. මෙසේ මිනිත්තු 5ක් පමණ සම්භාහනය කරන්න.
එය (මිශ‍්‍රණය) උණුසුම් බව අඩු උනහොත් නැවත උණු වතුරට දමා තෙත් කරන්න… ඉන් පසු තවත් මිනිත්තු 5ක් පමණ මෙම මිශ‍්‍රණය ඔබගේ මුහුනේ තිබෙන්නට හරින්න… ඉන් පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
මෙම ක‍්‍රියාවලිය සතියට කිහිප වතාවක් කරන්න. එමගින් ඔබගේ මුහුණේ Blackheads ඉවත් කර ඒවා නැවත ඇති වීම වලකාලයි.
දෙහි යුෂ හි ඇති සිට්රික් අම්ලය (citric acid)  මගින් ඔබගේ මුහුණේ විෂබීජ සහ බැක්ටීරියා පිරිසිදු කරයි. ලූණු වල ඇති විෂබීජනාශක ගුණය නිසා ඔබගේ මුහුණේ Blackheads තිබූ ස්ථාන පිරිසිදු කර නැවත ඇති වීම වලකාලයි…. උණු වතුර මගින් වන්නේ ඔබගේ සමේ කුස්තුර ඈත් වීමයි.


No comments:

Post a Comment

Recent Post