Latest News

Tuesday, August 2, 2016

මිතුරියන් දෙදෙනෙකු බදුල්ලේ දී එකට ගිනිතබාගෙන මියයයි

බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි යෙහෙළියන් දෙදෙනෙකු සිරුරුවලට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා නිවසක එකම කාමරයක දී ගිනි තබාගෙන ඇති බව යි මඩොල්සිම පොලීසිය පවසන්නේ.
මෙසේ ගිනි තබාගත් එක් යෙහෙළියක් එම ස්ථානයේ දීම මරණයට පත් වී ඇති අතර අනෙක් යෙහෙළිය බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
දෙදෙනාගෙන් එක් දැරියක් එම ප්‍රදේශයේම තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇගේ පියා පෙරේදා දින ඇයට තරවටු කොට ඇති බව පැවසේ.
එයින් සිත්තැවුලට පත් වී ඇය සහ ඇගේ යෙහෙළිය මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවට යි පොලීසිය සැක කරන්නේ.
මෙම දැරියන් දෙදෙනා ඥාති සොයුරියන් ද වන අතර ඔවුන් එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගෙන තිබෙනවා.
කුඩා කාලයේ සිටම ඉතා සමීප මිතුරියන් දෙදෙනෙකු ලෙස මොවුන් ඇසුරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩෝල්සිම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

No comments:

Post a Comment

Recent Post