Latest News

Sunday, August 14, 2016

බෝල්ට් දිනද්දී FB වීඩියෝවකින් ගේල් කරපු වැඩේ (VIDEO)

බෝල්ට් දිනද්දී FB වීඩියෝවකින් ගේල් කරපු වැඩේ (VIDEO)
මෙවර ඔලිම්පික් උළෙලේ ලෝකයේම අවධානය දිනාගත් ඉසව්වක් වූයේ මීටර් 100 පිරිමි ධාවන තරගය යි.
ඒ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබා සිටි උසේන් බෝල්ට් හේතුවෙන්.
උසේන් බෝල්ට් මෙවර රන් පදක්කම හිමි කර නොගන්නා බවට බ්‍රසීල අනාවැකිකාරියන් අනාවැකි ද පළ කොට තිබුණා.
නමුත් මීට පැය කිහිපයකට පෙර උසේන් බෝල්ට් මීටර් 100 තරග ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගත්තේ තමන් ලොව වේගවත්ම ක්‍රීඩකයා බව නැවත වරක් ඔප්පු කරමින්.
උසේන් බෝල්ට් තරග වැදුණු අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විසින් සජීවීව නරඹා තිබෙනවා.
ඒ උසේන් බෝල්ට් වෙනුවෙන් ජය ඝෝෂා නංවමින්.
උසේන් බොල්ට් ජයග්‍රහණය කරන අවස්ථාවේ දී ක්‍රිස් ගේල්, ඩැරන් සාමි ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තාරකාවන් උද්වේගයෙන් ඉපිළී යන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමිගේ Facebook පිටුවේ.


Media

No comments:

Post a Comment

Recent Post