Latest News

Monday, August 31, 2015

රැලි කොණ්ඩයක් නිවැරදිව පිරිසිදු කරන්නේ කොහොමද?


ඔබට තිබෙන්නේ ස්වභාවයෙන්ම රැලි සහිත කෙස් කළඹක්ද?
නැතහොත් ඔබේ කොණ්ඩය කෘත්‍රිමව රැලි කර ගන්නා ලද්දක්ද ?
මේ කුමන අන්දමේ රැලි කොණ්ඩයක් වුවද ඔබ රැක බලා ගත යුතු පිළිවෙළක් තිබේ. කෙස් කළඹ මැනවින් රැක බලා නොගත්තොත් එහි ප්‍රතිඵලය වන්නේ ඊට විවිධාකාරයේ හානි පැමිණීමයි. රැලි සහිත හෝ රහිත වුවද කෙස් කළඹ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. හැම විටම කෙස් කළඹ ආරක්ෂා කර ගැනීමට හිසකෙස්වල ස්වභාවයට අනුව වඩාත් ගැළපෙන, සැර අඩු ෂැම්පු වර්ගයක් කෙස් සේදීමේදී භාවිතා කළ යුතුය. ෂැම්පු යෙදීමෙන් පසු කන්ඩිෂනර් ගැල්වීම අනිවාර්ය වන්නේ හිසකෙස්වල ආරක්ෂාව පිණිසය.
ඒ හිසකෙස් සේදීම සම්බන්ධයෙන් වන ‍පොදු කාරණා වුවත් අද අප කතා කරන්නේ රැලි සහිත කොණ්ඩයක් පිරිසිදු කිරීම සම්බන්ධවයි.
මුලින්ම කෙස්වලට ගැළපෙන උසස් තත්ත්වයේ ෂැම්පු වර්ගයක් තෝරා ගන්න. ඉන්පසු අත්ලට ෂැම්පු ටිකක් ගෙන හොඳින් හිසේ ගල්වා අතුල්ලන්න. පසුව ෂැම්පු ඉවත් කිරීම සඳහා හිස හොඳින් සෝදන්න. මෙහිදී ෂැම්පු සියයට සියයක්ම ඉවත් වන තුරුම කෙස් හොඳින් සේදිය යුතුය.
ඊළඟට කෙස්වලට කන්ඩිෂනර් යොදන්න. මෙහිදී කෙස්වලට මිස හිසේ සමට කන්ඩිෂනර් නොවදින පරිදි ආ‍ලේප කිරීමට වග බලා ගන්න. ෂැම්පු මෙන්ම කන්ඩිෂනර් ගැල්වීමේදීද රැලි හිස කෙස් ඇදීම නොකළ යුතුවේ. මෙය කෘත්‍රිමව රැලි කරන ලද කෙස්වලට මෙන්ම සාමාන්‍ය රැලි කෙස් කළඹටද එකසේ අදාළය. රැලි කෙස්වල ෂැම්පු සහ කන්ඩිෂනර් ගැල්විය යුත්තේ අතින් ‍පොඩි කරමිනි. එනම් ඉජපභදජඩ ආකාරයටය.
ෂැම්පු මගින් සිදු වන්නේ කෙස් මත සහ හිස් කබල එනම් කෙස් මුල හිසේ සම මත තිබෙන කුණු, දූවිලි, තෙල් සහ සමහර රෝග කාරක දෑ ඉවත් කිරීමය. කන්ඩිෂනර් මගින් හිසකෙස්වලට අවශ්‍ය ‍පෝෂණය, ආරක්ෂාව, හිසකෙස් පටලැවෙන ස්වභාවය අඩු කිරීම වැනි ඉතා වැදගත් මෙහෙයන් රැසක් ඉටුවේ. කන්ඩිෂනර් ගැල්වූ පසු ඒවා සේදීමේදී සියයට සියයක්ම ඉවත් නොවිය යුතුය. අඩු තරමින් සියයට අසූවක් තරම්වත් එය කෙස්වල ඉතිරි වනසේ සේදිය යුතුවෙයි.රැලි කොණ්ඩයට අලුත්ම පෙනුමක් ලබා දීමට සිලිකන් ඔයිල් සහ ආෆ්ටර් කන්ඩිෂනර්වලට හැකියාව ඇත. දිනපතාම මෙයින් වර්ගයක් වියළි කෙස් මත ගල්වන්න.
රැලි සහිත කොණ්ඩය පීරන්නට කුඩා දැති පනා කෙසේවත් සුදසු නොවේ. ඒ සඳහා ජම්බෝ කෝම්බ් නමින් හඳුන්වන ලොකු දැති සහිත පනාවක් තෝරා ගන්න. කුඩා දැති පනා මගින් රැලි කොණ්ඩයට හානි සිදුවෙයි. වඩාත් සුදුසු වන්නේ කන්ඩිෂනර් යෙදූ පසු තෙත්ව පවතින විටදී පනාවෙන් පීරා ගැනීමයි.
කෙස්අග පැලී පලුදු වීමේ ගැටලුවටද කන්ඩිෂනර් මගින් සහනය ලද හැකිය. එසේම හිරු එළිය මගින් කෙස්වලට සිදුවන හානිද අවම කරගත හැකිවේ.
මේ ආකාරයට කෙස්වලට සුදුසු වන ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග භාවිතය තුළින් රැලි හිසකෙස්වලට සිදුවන හානි අවම කර ගත හැකි අතර කෘත්‍රිමව රැලි කරන ලද කෙස් දිගු කලක් පවත්වා ගැනීමටද මෙමගින් පිටිවහලක් ලැබේ.

No comments:

Post a Comment

Recent Post