Latest News

Monday, August 31, 2015

ශීතකරණයේ සෘජිෆෝම් කැබලි තැබීමෙන් විදුලි බිල ඉතිරි වෙනවාද?

හැම ගෙදරකම වගේ තියෙන එකක්නේ මේ ශීතකරණය කියන්නේ.ඒත් ශීතකරණයට ලොකු විදුලි බිලක් එනවා.ඒත් සමහර අය කියනවා ශීතකරණයේ ඉඩ තියෙන තැන් වල සෘජිෆෝම් කෑලි තිබ්බහම විදුලිය වැයවීම අඩු වෙනවලු.ඇත්තද මේ කතාව.ඔව් බොහෝ දුරට ඇත්ත.මොකද දන්නවද යාලුවනේ ශීතකරණයට විදුලිය වැයවෙන්නේ ඒකෙ තියෙන බඩු වල සිසිලස පවත්වා ගැනීමට විතරක් නෙමෙයි.බාහිර පරිසරයෙන් ශීතකරණයට එන තාපය උරාගෙන ශීතකරණය සිසිල් කිරීමටත් විදුලිය වැයවෙනවා.ශීතකරණය වසා තිබෙන විට එහි ඇති බඩු වලට අමතර අවකාශය සීතල වාෂ්පයෙන් පිරී තිබුනත් අප ශීතකරණය විවෘත කරන සෑම වාරයකම ශීතකරණයේ තිබූ වාතය පිටතට පැමිණ පිටත තිබූ උණුසුම් වාතය නැවතත් ශීතකරණයට ඇතුළු වෙනවා.ඒ වාතය නැවත සිසිල් කිරීමට අධික විදුලියක් නැවතත් වැය වෙනවා.නමුත් ශිතකරන්යේ හිස් අවකාශයක් නොමැති වුවහොත් මෙලෙස අධික ලෙස විදුලිය වැය වන්නේ නැ.
සෘජිෆෝම් කැබලි මෙලෙස හිස් ඉඩට යෙදුවහොත් අනවශ්‍ය ලෙස විදුලිය වැය වන්නේ නැ.මෙලෙස සෘජිෆෝම් යොදා ගැනීමේ වාසි දෙකක් තිබෙනවා.
1.සැහැල්ලු වීම
2.හොද තාප පරිවාරකයක් වීම.
මෙලෙස සෘජිෆෝම් හොද තාප පරිවාරකයක් වීම නිසා සෘජිෆෝම් කැබලි රත් වන්න්නේවත් සිසිල් වන්නේවත් නැ.
මේ නිසා අපේ ශිතකරනය නිසා වැඩිවෙන විදුලි බිල අඩු කරගැනීමට හැකිවෙනවා.
හෙටත් හමුවෙමු

No comments:

Post a Comment

Recent Post