Latest News

Monday, August 31, 2015

ටික කලක් ආහාර අසුරා තිබෙන විට ශීතකරණ වලින් දුර්ගන්දයක් වහනය වන්නේ ඇයි


ශීතකරණයක් තුල අධික සීතලක් තිබුනද ඒ තුල විවිධ දිලීර වර්ග වැඩෙනවා. මේ ජීවින් ශීතකරණයට පැමිණෙන්නේ අප ශීතකරණය තුල තැන්පත් කරන එළවලු,පලතුරු හා වෙනත් පිටත පරිසරයෙන් ගෙනෙන ද්‍රව්‍ය සමගයි.මෙලෙස ශීතකරණය තුල වැඩෙන මියුකෝර්,ඇස්පර්ජිලස්,රයිසෝපස් වැනි දිලීර වගේම සියුඩමොනාස් වැනි බැක්ටීරියාවන් නිපදවන විවිධ වායු වර්ග නිසා ශීතකරණය තුල දුර්ගන්දයක් ඇති වෙනවා.
මේ දුර්ගන්ධය පහසුවෙන් මග හරවා ගත හැකියි.ඒ සදහා අනුගමනය කලයුතු පියවර කිහිපයක් තිබෙනවා.
ශීතකරණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍ර වතුරෙන් සෝදා ඉන්පසුව සෝඩියම් බයිකාබනේට් මිශ්‍ර වතුරෙන් සෝදා හැරීම පළමුව කල යුතුයි.
මේ කටයුතු වලින් පසුව රෙදි කැබැල්ලක දැවටු සල්ෆර් (ගෙන්දගම්) ස්‌වල්පයක් හෝ සින්ක් ඔක්සයිඩ් ස්‌වල්පයක් ශීතකරණයේ මුල්ලක තැබිය යුතුයි.
ඒ මගින් අහාර විෂවීමක් කොහෙත්ම සිදුනොවී ශීතකරණය තුල දිලීර හා බැක්ටීරියාවන් බෝවීම මගහරවනවා.
ඒ වගේම රෙදි  කැබැල්ලක එතු වියලි දර අගුරු ස්‌වල්පයක් ශීතකරණයේ කෙළවරක තැබීමෙන් පිරිසිදු කිරීමෙන් තොරව වුවත් ශීතකරණයේ එන දුර්ගන්දය නැති කර ගත හැකියි.

No comments:

Post a Comment

Recent Post