Latest News

Sunday, September 3, 2017

ICC එකෙන් ශ්‍රී ලංකාවට බොරු කලාද ? හේතුව මෙන්න










ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරග දෙකක් ජයගැනීමට නොහැකිවීම හේතුවෙන් ICCය විසින් 2019 වසරේදී සංවිධානය කරනු ලබන ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබාගැනීම තහවුරු කරගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.නමුත් ICCය විසින් නිකුත් කළ මේ මාධ්‍ය නිවේදනය වැරදි සහගත වන අතර ඇත්තට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාවක් ඇති බවත් නියතයෙන්ම ශ්‍රී ලංකා සෘජුව ලෝක කුසලානයට තේරීපත් වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මෙම මාධ්‍ය නිවේදනයේ දෝෂ සහගත බව ගැන ICCය ලැජ්ජ වියයුතු බවද ඔවුන් පෙන්වා දෙනවා. කරුණු 3ක් ඔස්සේ විදෙස් මාධ්‍ය මේ බව පෙන්වා දෙන්නේ මේ ආකාරයටයි.

1. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට පරාජයට පත්වී සිටියත් අවසන් තරගය ජය ගතහොත් බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තය හමුවේ එක් තරගයක් හෝ පරාජයට පත්වන තෙක් බලා සිටීමට අවශ්‍ය වන්නේ නැත.2. අයර්ලන්තය සමඟ තියෙන තරගය ජයගෙන එංගලන්තය සමඟ තියෙන තරග 5ම ජයගතහොත් පමණක් බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවස්ථාවක් ලැබුණත් ප්‍රසාද ලකුණු 88 ට ලඟාවීමට ඔවුන්ට හැකිවන නමුත් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම දශම සංඛ්‍යාව අනුව තීරණය වනු ඇත. එංගලන්තයේ තරගාවලියේ ජය ගැනීමට වර්තමාන කොදෙව් පිලට කිසි සේත්ම හැකියාවක් නැති නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් සෘජුව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.3.ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන පස්වන තරගයේ ප්‍රථිපලය කුමක් වුවද බටහිර කොදෙව්වන් අනිවාර්යෙන් එක් තරගයක්වත් පරාජ වීම වළක්වා ගැනීමට කළ නොහැකි නිසා ශ්‍රී ලංකාව තවමත් ඉන්නේ කොදෙව්වන්ට වඩා විශාල වාසි දායක ස්ථානයකයි.වැටී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ ආකාරයේ මවාපාන මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් කණ්ඩායම තවත් දුර්වල කිරීමේ අරමුණක් ICCයට ඇත්දැයි විදෙස් මාධ්‍ය චෝදනා කරනවා. මන්ද කොදෙව්වන්ට සිහිනයක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය යථාර්තයක් වන බැවින්.

No comments:

Post a Comment

Recent Post