Latest News

Saturday, September 16, 2017

ක‍්‍රිකට් තරග පාවාදීම සනාථයි.. චාමර සිල්වාට ක‍්‍රිකට් තහනම් කෙරේ..Cricket matches confirmed .. Chamara Silva banned for cricket


විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂණ කමිටුව තීරණය කරයි. මෙම ක්‍රීඩා සමාජ දෙකට එරෙහිව පැවති චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.The Panadura Sports Club and the Kalutara Cultural Circle have been found guilty of the allegations of misconduct and the unlawful conduct of the sport. Sri Lanka Cricket (SLC) has appointed a committee to investigate the allegations against the two clubs.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණවලට එළැඹ තිබේ…Accordingly, the SLC's executive committee has unanimously reached these decisions ...

1. චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.
1. Change the competition and the results of the accusation to zero, and change the table scoreboard accordingly accordingly.

2. එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000 බැගින් දඩ නියම කිරීම.2. The fine imposed on those sports clubs and the fines of Rs. 500,000 each.


3. ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම. (ක්‍රීඩා කිරීම පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව)3. Manoj Deshapriya and Chamara Silva who acted as the leaders of the two clubs, suspended for cricket for two years, with immediate effect. (Including training and administration)

4. අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම. (ක්‍රීඩාව පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව)4. Suspension of all cricket activities for all accused players and coaches for 1 year with immediate effect. (Including training and administration of the sport)

5. තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.5. Conduct an investigation against the officers and take suitable measures.

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල විය. එම චෝදනාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා සති කිහිපයක් ඇතුළත වැරදිකරුවන්ට දඬුවම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මීට මාස දෙකකට ඉහතදී පැවසීය.It has been reported that the Panadura Sports Club of Kalutara has betrayed the three day final match between the Kalutara Cultural Club and the Panadura Sports Club in Sri Lanka. Thilanga Sumathipala, Chairman of the Sri Lanka Cricket said two months ago that he would punish the culprits within a few weeks after conducting a comprehensive investigation into the allegation.

චෝදනාවට ලක් වී තිබෙන තුන් දින තරගයේ අවසාන දිනයේදී දෙපාර්ශවයම ඕවරයකට ලකුණු 10 කට වඩා රැස් කළ අතර, දිනයක් ඇතුළත කඩුලු 24 ක් බිඳ වැටුණු බවට චෝදනා එල්ලවිය.On the final day of the three-day match, both sides scored more than 10 overs averaging 24 wickets in a day.


එදින විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ…13 outings have been bowled in 20 minutes

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් තරගාවලිය අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු පෙළ තරගාවලියක් ලෙස පිළිගෙන තිබේ. අදාළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බරපතළ කළු පැල්ලමක් බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි.Sri Lanka's premier tournament has been accepted by the ICC Board as a first class competition. Many of the sports critics have held that the accusation is a serious black spot for the Sri Lanka cricket field.

වීඩියෝව පහලින් නරබන්න



No comments:

Post a Comment

Recent Post