Latest News

Friday, April 29, 2016

ඔබේ පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකි ව්‍යායාම 3 ක්…





ඔබ ඔබේ පියයුරු එල්ලා වැටීම පිළිබඳ සැලකිලිමත් ද?… එය නවතා ගැනීමට ඔබ ක‍්‍රමයක් සොයනවාද? … පිරවුම් යෙදු ආවරණ පැළඳීම මෙයට පිළියමක් නොවේ.
පියයුරු වලට යටින් ඇති මාංශ පේශී වර්ධනය වීම ඔබේ පියයුරු වල පෙනුම විශාල කරන බව ජෙන් කොමැස් කෙක් නම් සහතික ලත් පුද්ගලික දේහ පුහුණුකරු පවසයි.
මෙම ව්‍යායාම පියයුරු ස්වභාවික තත්වයට පත් කරයි…
මෙම ව්‍යායාම විශේෂයෙන් කොමැස් කෙක් විසින් නිර්මාණය කර ඇත.
විවිධාකාර හැඩතල වලින් අවශ්‍ය බර යොදා පපුව ක‍්‍රියාකරවීමෙන් ශක්තිය වර්ධනයට අවශ්‍ය උත්තේජනය ලැබෙන අතර මාංශ පේශී වර්ධනය වේ…. මෙයින් පපුවට අපූරු හැඩයක් ලැබේ… මෙම ක‍්‍රියාවලිය ඵලදායි කරගැනීමට සුදුසු ස්කන්ධයක් තෝරාගන්න.
මෙම සෑම ක‍්‍රියාවක් සිදු කිරීමෙන් පසු ඔබට එය දෙවරක් කිරීමට සිතේ. මාංශ පේශී වර්ධනය සඳහා ඔබට වැඩි ස්කන්ධයක් භාවිතා කිරීම අභියෝගයක් කර ගන්න යැයි කොමැස් පැහැදිලි කරයි.
ඔබේ පියයුරු එල්ලා වැටීම  වළකා නැවත ස්වභාවික තත්වයට පත් කර ගත හැකි ව්‍යායාම 3කි.

1. බංකුව මත වැතිර ඩඩම්බෙල් මඟින් තෙරපීම.

1 Exercises
බංකුව මත වැතිර අත් දෙකට ඩම්බෙල් ගන්න. ඔබේ පපුව තෙක් ඩම්බෙල් ගෙන නැවත එය ඉහළට ඔසවන්න. මෙලෙස 10 වතාවක් සිදු කරන්න.

2. තෙරපන්න…

2 Exercises
අත් දෙකෙන් සහ පාද දෙකෙන් බිම වැතිරෙන්න. අත් දෙක උරහිස් පරතරයට වඩා පරතරයකින් තබන්න. පාද එක ළඟ තබා ගන්න. ඔබේ ශරීර කඳ පපුව පොළොවේ වඳින තුරු පහත් කරන්න. මඳක් හිඳ නැවත ඔසවන්න. මෙය 10 වතාවක් සිදු කරන්න.

3. ඩම්බෙල් විහිදුවන්න…

3 Exercises
බංකුවේ පහළට ආනතව වැතිරෙන්න. ඔබේ දෙපා හොඳින් පොළොව තබාගන්න. ඔබේ වැලමිට මඳක් නැවෙන ලෙස උරහිසට කෙළින් ඩම්බෙල් තබාගන්න. ඩම්බෙල් දෙක සෙමින් දෙපසට ඔබේ පපුවට සමාන්තර වන සේ විහිදුවන්න. නැවත ඔසවන්න. මෙලෙස 10 වතාවක් කරන්න.

No comments:

Post a Comment

Recent Post