Latest News

Friday, April 8, 2016

මදුරු කරදරෙන් බේරෙන හොඳම විදි 5ක්.

මදුරුවා යනු අමුතුම සතෙකි. ඌ පරපෝෂිතයෙකි. අපි නිදහසේ සිටිනා විට අපේ කනට කර රවී ශංකර් ගේ වාදන ගයයි, එවිට අපේ පුෂ්පය ජම්ප් වේ. නිරුත්සාහකවම අපේ අත මදුරුවා සිටිනා ටෙරටෝරිය වෙත පාත්වන අතර හදිසියේ මදුරුවා එතනින් පියඹා ගියහොත් නිවුටන් ගේ 12 වන නියමය වන what goes around comes around නියතය ක්‍රියාත්මක වී අපටම වදින්නට පටන් ගනී. අමතක වී හෝ මදුරුවා උගේ ශුන්ඩාව අපේ සම ඩ්‍රිල් කරමින් සිටියයොත් වැඩි කරදර නොමැතිව නිර්වාණයට මඟ පාදා ගත හැකිය.
නමුත් මදුරුවා අහිංසකය පිරිමි මදුරුවා ශාක යුෂ පානය කරන අතර අපේ ලේ බොන්නේ මදුරුවාගේ ගෑණු සතා වන “මධුරි” ය. එහෙත් අපි පොදුවේ අපි නාම කරණය කරන්නේ මදුරුවා කියා නිසා ඔය නම් වලින් අපට පලක් නැත. දැන් කතාව වටේ යනවාය. ලියන්නට හැදුවේ “how to මදුරු කරදරෙන් බේරෙන්නේ” කියා ලියන්නටය.
වැඩි කතන්දර උවමනා නැතිය. මේ ආරාධනය ඒ ලිස්ට් එක පහතින් කියවන්නට ය.

1. චටාස්

චටාස්
Source – youtube.com
ඒ සොඳුරු ශබ්දය ඔබට ඇසෙන විට ඉලක්කය මත මදුරුවා සිටියහොත් වෙන දේ කියන්නට අවශ්‍ය නැත. ගමේ නගරයේ වෙනසක් නැතිව මදුරුවාට එක සේ සලකන අපේ පින්වතුන් සිය ආගම් අදහත්දී පවා මදුරුවන් මේ කුරිරු ලොවෙන් පිටමන් කරන්නට මේ ක්‍රම වේදය භාවිතා කරයි.


2. මදුරු කොයිල් හෙවත් වින් වින් විසඳුම

වින් වින් විසඳුම
මදුරුවාත් සැපෙනි, අපිත් සැපෙනි.Source – wallpaperstock.net, healthbeckon.com
මදුරුවාට මදුරු කොයිල් යනු අතීතයේ මරණීය අත්දැකීමක් වුවත් අද වන විට එය මදුරුවාගේ මිතුරෙකි. අතීතයේ විවිධ නම් වලින් මදුරු කොයිල් ආවත් ඉන් වුයේ මදුරුවා පලවා හැරීමය. එහෙත් අද වන විට තත්ත්වය වෙනස් ය. අද වන්නේ මදුරුවා එන්නට කලින් කොයිල් එකේ සුවඳට අපට සැපසේ නින්ද යාමයි. එවිට මදුරුවා අප අසලට පැමිණ “තම ජාතිය වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙලා ඉටුකර” පිටව යයි. මදුරුවාත් සැපෙනි, අපිත් සැපෙනි.

3. පවු බැට් එක

පවු බැට් එක
ඔබට ක්‍රීඩාවක් ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රවීනත්වයත් මෙයින් නොමිලයේම ලැබෙනු ඇතSource – youtube.com, 123rf.com

ඔබට අත්ලෙන් ගසා මදුරුවාව නිර්වාණය උදාකරවා වෙහෙසද, එසේනම් මේ උපාංගය වෙන් වන්නේ ඔබටමයි. ඔබ ගමේ හෝ නගරයේ  වීදි අතුරින් ගමන් කරන විට වෙළඳ මහතුන් අත තබාගෙන සිටින මේ බැට් එක මිලෙන් වන්නේ රුපියල් 150ත් 300ත් අතර මුදලකි. උපකරණය ගත් පාඩු AAA බැටරි 3ක් හෝ 4ක් දමා පනගන්වා ගත හැකිය. දැන් අලුත් මොඩල ලෙස කෙලින්ම විදුලියෙන් ආරෝපණය කර ගත හැකි ලෙස එන මේ බැට් එක, පෙනුමින් බැඩ්මින්ටන් රැක්ට්ටුවක හැඩය ගනී. මදුරු කරදරේ මට්ටු කරනා අතරතුර ඔබට ක්‍රීඩාවක් ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රවීනත්වයත් මෙයින් නොමිලයේම ලැබෙනු ඇත. ආරෝපණය කරගත් විට මදුරුවන් සිටින තැනකට ගොස් දෙපාරක් වනනා විට “චිටිස්” “චටස්” ආදී ශබ්දයක් ඇසේනම් ඔබ මදුරුවාට එරෙහි සටන දැනටමත් පටන් ගෙන අවසාන බව සිහි තබාගත යුතුය.

4. මදුරුතලා කොළ

මදුරුතලා කොළ
මදුරු දඟරයට වඩා ක්‍රියාකාරී ක්‍රමයක්Source – toonpool.com 123rf.com
ලයිස්තුවේ තිබෙන අහිංසකම ආයුධය මදුරුතලා කොලයි. ඔබ සිටින්නේ ගමක නම් පහසුවෙන්ම මදුරුතලා කොළ සොයා ගන්නට පිළිවන. කල යුත්තේ මදුරුතලා කොළ කිහිපයක් කඩාගෙන පැමිණ කුඩා භාජනයකට දමා ගිනි තැබීමයි. ඉන් එන සුගන්ධයෙන් මදුරුවා පලවා හැරීම කල හැකිය. කෙටියෙන් කියනවා නම් මෙය මදුරු දඟරයට වඩා ක්‍රියාකාරී ක්‍රමයක් බව සිහි තබාගත යුතු.

5. පැඟිරි තෙල්

පැඟිරි තෙල්
මදුරුවාට ඇඩ්‍රස් නැති වීමද ඔබට සුව නින්දක් ලැබීමද සිදුවන්නේ එකටය
Source – doubletopdartshop.com, brmessentialoils.com
මේ කියන්නට යන්නේ තෙල් බේරෙන පැඟිරි වයස ගැන නොවේ. පැඟිරි තෙල් ගැනය. පැඟිරි මදුරුවන් පලවා සමත් වන්නේ එහි ඇති අධික සුවඳ නිසා වෙන්ය. ඔබ වෙහෙස වී නිවසට පැමිණි විට නින්දට යන්නට නොදී මදුරුවා කනට කර ආගිය තොරතුරු කොඳුරයි නම් කල යුත්තේ පැඟිරි තෙල් ස්වල්පයක් ගෙන ගෙල දෙපස සහ දෑත් වල හොඳින් රත්වන්නට තවරා ගැනීම පමණය. එවිට මදුරුවාට ඇඩ්‍රස් නැති වීමද ඔබට සුව නින්දක් ලැබීමද සිදුවන්නේ එකටය.

No comments:

Post a Comment

Recent Post