Latest News

Friday, June 3, 2016

පිස්සු හැඳෙන විදිහේ ඇස් බැන්දුම් ශිල්පියෙක් ගැන දැනගන්න ආසද?


පුරාණයේ මැජික් නිර්මාන ශීල්පීන්ට හා ඇස් බැන්ඳුම් නිර්මානයට විශාල තැනක් හිමිවිය. අද වන විට මෙම ශිල්පය තවත් දියුණු වී ඇත්තේ මෙයට එකතු වන තාක්ෂනය හා නවීන ශිල්ප ක්‍රම නිසාය. මෙම නවීන තාක්ෂනය උපයෝගි කරගනිමින් ඔබටත් ඇස් බැන්දුම් කරුවෙකු විය හැකියි.”මැජික් කලාව” යනුවෙන් නම් කර ඇති මෙය සැක් කින්ග් නම් ලොස් ඇන්ජලිස් හි පදිංචි චිත්‍රපට නිර්මාන කරුවෙකු හා යු-ටියුබ් විඩීයෝකරණ ශිල්පියෙක් වන මොහු විසින් හඳුන්වා දී ඇත.

ඔහුගේ ඔහුගේ ඩිජිටල් තාක්ෂනය මගින් නිකුත්වන තත්පර 6 ඇස් බැන්ඳුම් විඩීයෝ මේ වන විට මිනිසුන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත.ඔහුගේ මැජික් විඩීයෝද ඔහු නම් කර ඇත්තේ “ඩිජිටල් තාක්ශනය මුහුවු අත යන ලෙසය” 2011 දී මොහු හා මොහුගේ පාසල් මිතුරන් කීපදෙනෙක් එකතුව පූසන් දෙදෙනෙකු කිරණ නිකුත්වන කඩුවකින් සටන් වදින අයුරු නිර්මානය කර සමාජ ජාලා වෙබ් අඩවි වලට යොමු කරා.දවස් තුනක් ඇතුලත මිලියනයකට අධික ප්‍රමානයක් නරඹා ඇති මෙය ක්‍රමයෙන් මිලියන 10ක් දක්වා වර්ධනය විය. එයින් පසු තවත් මිලියන 5කට අධික ප්‍රමානයක් මෙය නරඹා තිබුනා.
මෙය ඔහු නම් කර තිබුනේ ජෙඩි බළල් පැටවුන් ලෙසය.යු-ටියුබ් හී නැඟි එන ඇමරිකාවේ හොඳම චිත්‍රපට නිර්මාන කරුවන් 25 දෙනා අතරට එකතු වීමටද,සම්මානයට පාත්‍ර වීමටද 2013 මැයි මාසයේ දී ඔහුට හැකිවිය.එමෙන්ම 2014 ජනවාරි මාසයේදි යු-ටියුබ් මගින් නැඟි එන විඩීයෝ සඳහා ඩොලර් 35000ක මුදලක්ද ලබා ගැනීමට ඔහුට හැකි විය.එලියන් ඩී ජෙනර්ස් නම් විස්මිත මැජික් නිර්මාන කරුවාගේ සංදර්ශනවල කෙටි වැඩසටහන් හා ඉදිරිපත් වීමටද ඔහුට මෙම නිසඟ හැකියාව නිසා හමු විය.

No comments:

Post a Comment

Recent Post