Latest News

Sunday, June 5, 2016

හමුදා කඳවුරේ පිපිරීම ගැනත් ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් අනාවැකියක් කියලා (වීඩියෝ)


CVR
ලංකාවේ මේ වන විට ජනතාවගේ ජනාධරයට පත්වී සිටින ජ්‍යෝතිෂවේදියෙකු තමයි මංජුල පීරිස් මහතා කියන්නේ.
ඔහුව ඒ තරම් මෙරට ජනතාව වැලඳගෙන හමාරයි.
ඒ තරම් මොහුට ආදරය කරන්න ඒ වගේම ඔහුව විශ්වාස කරන්න හේතු ගොඩක් තියෙනවා.
ඒවා දැන් අපි එකින් එක කියන්න යන්නේ නෑ. මොකද දන්න කට්ටිය දන්නවා මංජුල පීරිස් මහතා කියන්නේ කවුද කියලා.
ඒ කොහොම වුණත් මංජුල පීරිස් මහතා අනාවැකියක් කිව්වොත් ඒ අනාවැකිය සඵල වෙනවා කියලත් කොයි කවුරුත් දන්නනේ.
ඒ පිළිබඳව කදිම උදාහරණය තමයි පසුගිය සති දෙක තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හා ඒ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ලංකාවට වෙන විනාශය ගැනත් මේ වසර මුලදී මංජුල පීරිස් මහතා විසින් අනාවැකියක් කිව්වා. ඒ අනාවැකිය ඔන්න හරියටම හරි ගියානේ.
එම අනාවැකිය මෙතැනින් බලන්න http://goo.gl/KKJSrz
ඔන්න ප්‍රවීණ ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් මහතා අලුත් අවුරුද්ද ආරම්භයේදී තවත් අනාවැකියක් කියලා තියෙනවා.
ඒ හරියටම අප්‍රේල් 13 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වන “මල්බර දෙරණ“ වැඩසටහන අතරතුරේදීය.
ඒ මහතා එහිදී කියනවා “කර්මාන්තශාලාවක් හෝ රටපුරා ඇති යාන වාහන හෝ විවිධ වූ ස්ථානවල ගිනි ගැනීම් සිදුවන බවත් ඒ ගිනි ගැනීම් සාමාන්‍ය සිද්ධියට එහා ගිය එකක් බවත්  ඔහු ප්‍රකාශ කරලා තියෙනවා.
එම අනාවැකිය කියූ වීඩියෝවට ඔබ හොඳින් සවන්  දෙන්න.(වීඩියෝව ආරම්භ වී තප්පර 02.40 දී අදාළ අනාවැකිය  ප්‍රකාශ කිරීම සිදුවෙයි.)

No comments:

Post a Comment

Recent Post