Latest News

Thursday, June 30, 2016

දවසින් හිට් වුණු බාප්පාගෙ අක්කගේ දුව (VIDEO)

දවසින් හිට් වුණු බාප්පාගෙ අක්කගේ දුව (VIDEO)
සචින්ත පුලස්ති අන්තර්ජාලය හරහා කරළියට පැමිණි නව පරපුරේ තරුණ ගායකයෙක්.
විශේෂයෙන්ම Facebook සමාජජාලයේ වීඩියෝ කිහිපයක් හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් සචින්ත ගායනයට මෙන්ම වාදනයට ද සැබෑ දක්ෂයෙක්.
ඔහුටම ආවේණික ශෛලියක් ඔස්සේ ගයන වයන සචින්තගේ අලුත්ම ගීතයවන "බාප්පාගෙ අක්කගේ දුව" එළිදක්වා පැය කිහිපයක් පමණක් ගත වී ඇතත් එය මේවන විටත් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වී අවසන්.
වෙනස්ම ආකාරයේ පද පෙළක් සහ ඒ ආකාරයේම වෙනසක් සහිත මේ ගීතයේ මියුසික් වීඩියෝව ද ඉතා නිර්මාණශීලී අයුරින් සකස් කොට තිබෙනවා.
"බාප්පාගෙ අක්කගේ දුව" ඔබට දැනෙන්නේ කොහොමද කියලා සින්දුව අහලාම බලන්න.
වීඩියෝව පහතින් > > > 










Media

No comments:

Post a Comment

Recent Post