Latest News

Tuesday, May 3, 2016

මැතිසබේ ගැටුමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයෙක් රෝහලට


මැතිසබේ ගැටුමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයෙක් රෝහලට
පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී ගැටුමට මැදිවූ කෑගල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. 
එම නොසන්සුන්තාවයට මැදිහත්වූ මන්ත්‍රීවරයා බිම ඇද වැටුණු බවත් එයින් සුළු තුවාල ලැබූ බවත් වාර්තාවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂකයින් යෙදවීම ගැන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු දක්වද්දී මෙම ගැටුම ආරම්භ විය.
කෙසේ වෙතත් කථානායකවරයා විසින් මේවන විට පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල්තබා ති‍බේ.

No comments:

Post a Comment

Recent Post