Latest News

Tuesday, July 5, 2016

ඇටකාමා කාන්තාරයෙන් හමුවූ අඟල් 6 පිටසක්වල ජීවියාගේ නිවස අඟහරුගෙන් මතුවෙයි!!එම වීඩියෝව පහතින් නරඹන්න.

මීට වසර 13ට පෙර එනම් 2003 ඔක්තෝබර් මස 19 වන දින චිලී හි ඇටකාමා කාන්තාරයෙන් අඟල් 6 පමණ උස් වූ මිනිස් ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති ජීවියෙකුගේ ඇටසැකිල්ලක් සොයා ගැනීමට ඔස්කාර් මුනෝස් නම් පුද්ගලයෙකු සමත් වුණා.
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම පුවත විශාල කතා බහකට ලක්වුණා.
බොහෝ දෙනෙකු පැවසුවේ මෙය පිටසක්වල ජීවියෙකුගේ විය හැකි බවයි.
එම සිදුවීමට අදාල වීඩියෝ පටය පහතින් නරඹන්න.

ඉන් වසර 13ට පසුව එනම් පසුගිය ජූනි මස 29දා අඟහරු මත පරීක්ෂණ කටයුතු වල නිරත වී සිටින නාසා අයතනය යැවූ Spirit rover යානය නිකුත් කළ ඡයාරූපයක් සමගින් නැවතත් මෙම කතා බහ කරළියට පැමිණ තිබෙනවා.
Spirit rover යානය නිකුත් කළ මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඟල් 6ක දොරක් වැනි කවුලුවක් ඇති,බැලූ බැල්මට නිවසක් යැයි කිව හැකි යමකුයි.
එම ඡායාරූප පහතින්..
35DD53B600000578-0-image-a-22_1467411523425
35DD2C3500000578-0-image-a-19_1467411465383
35DD2C4500000578-0-image-m-23_1467411652366
මෙම ඡායාරූප නිරීක්ෂණය කළ ඇතැම් විශ්ලේශකයන් පවසන්නේ මෙම නිවස හා මින් වසර 13 පෙර ඇටකාමා කාන්තාරයෙන් හමුවූ ඇටසැකිල්ල මෙම අඟහරු ජීවියෙකුගේ විය හැකි බවයි.
නාසා යානය මෙසේ මෙම නිවස අසළ පරීක්ෂණ කටයුතු වල නිරතව සිටින විට මෙම නිවසේ හිමිකරු යැයි සිතිය හැකි අඟල් 6 පමණ වන ජීවියෙකු යානය දෙස ඔත්තු බලමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
කෙසේ වෙතත් මෙම විශ්ලේශකයන් පවසන්නේ මෙම ඡායාරූප හා ඇටකාමා කාන්තාරයෙන් හමුවූ ඇටසැකිල්ල හා පැහැදිලි සම්බන්ධයක් තිබිය හැකි බවයි.

No comments:

Post a Comment

Recent Post