Latest News

Friday, July 1, 2016

රටඉඳි වයින් නිවසේදීම පහසුවෙන් සාදා ගනිමු

යින් පානය කරන්නට බොහෝ දෙනා ඉතාම ප්‍රියමනාපයි. ඉතින් ඒ නිසා අපි තීරණය කළා නිවසේදීම වයින් සාදා ගන්නා ආකාරය ගැන කියවෙන වට්ටෝරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට. ඒ අනුව මෙම ලිපියෙන් රටඉඳි වයින් සාදා ගන්නේ කෙසේද යන්න ගැනයි කියාදෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය


ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි

  • රටඉඳි කිලෝ ග්‍රෑම් 2
  • සුදු මිදි යුෂ මිලි ලීටර් 250
  • සීනි කිලෝ ග්‍රෑම් 1
  • උතුරුවා නිවා ගන්නා ලද ජලය ලීටර් 4
  • සිට්රික් ඇසිඩ් මේස හැඳි 1 හෝ දෙහි යුෂ මේස හැඳි 2
  • ඊසට් තේ හැඳි 1

සාදන ක්‍රමය


ඡායාරූපය අන්තර්ජාලයෙනි

  • වයින් සෑදීමට භාවිතා කරන උපකරණ සියල්ලම ජීවානුහරණය කර ගන්න.
  • රටඉඳි කුඩා කැබලිවලට කපා ජලය ලීටර් 2ක් සමඟ පැය බාගයක් පමණ මද ගින්නේ තම්බාගන්න.
  • එය නිවුණ පසු බෝතලයකට දමා මිදි යුෂ, සිට්‍රික් ඇසිඩ්, ඊස්ට් පිලිවෙලින් දමා අනතුරුව ඉතිරි ජලය ලීටර් 2 ද දමා බෝතලය හොඳින් වසා දමන්න.
  • දවස් 21ක් යනතුරු දිනපතාම ලී හැන්දකින් හොඳින් හැඳි ගාන්න. හැඳි ගෑ පසු නැවතත් බෝතලය හොඳින් වසා තබන්න.
  • දින 21කට පසු මස්ලින් රෙදි කැබැල්ලක ආධාරයෙන් එය හොඳින් පෙරා ගෙන පැහැදිලි වන තුරු තබන්න.
  • හොඳින් පැහැදිලි වූ පසු වෙන වෙනම බෝතල්වලට දමන්න.
මෙසේ සකසා ගත් රට ඉඳි වයින් වසර දෙකක කාලයක් පමණ ගබඩා කර තැබිය හැකිය.

වැඩි දුර පැහැදිලි කරගැනීම සඳහා මෙම වීඩියෝව නරඹන්න,

No comments:

Post a Comment

Recent Post