Latest News

Wednesday, July 13, 2016

මට වයිෆ් එක්ක ඉන්න බෑ එයා මට ගහන්න එනවා සුරංග තරූ කෝන්තරේ ඇත්ත නැත්ත මෙන්න

‘මට වයිෆ් එක්ක ඉන්න බැහැ.. එයා මට ගහන්න එනවා.
හරි පැය 24 ක් ඇතුලත බලාගන්නවා මොකක්ද වෙන්නේ කියලා…
ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ කුලියාපිටියේ දරුවාට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ යන නම කාටත් මතක ඇති.සුරංග ගංවතුරෙන් දුක් විඳන දරුවන්ට දෙන්න ලංකාවට එවපු රුපියල් ලක්ෂ 12 පමණ මුදලක් වංචා කලා කියලා රංගන ශිල්පිණියකට චෝදනා එල්ල කරමින් මේ දවස්වල අන්තර්ජාලයේ විවිධ කතා පැතිරෙමින් තියෙනවා.
විදෙස් රටකට ගිහින් දුක් මහන්සියෙන් ගොඩ නගපු ව්‍යාපාරයෙන් උපයපු ආදායමෙන් කොටසක් ලංකාවේ අසරණයන්ට වියදම් කරන්න එවපු මුදල් නිළියක් වගේම නිරූපිකාවක් වන තරූ බෝගොඩ යන අය මුදල් වංචා කළා කියලයි එහි දැක්වෙන්නේ.ඒ විදිහට පැතිරෙන හැම කතාවක්ම ගැනම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
සුරංගත් එක්ක මගේ පොඩි හැඳුනුම්කමක් තිබ්බා.. එයා මගේ UK බිස්නස් වැඩ වාගෙකට උදව් කළා..
ඒ හිතවත්කම නිසා එයාගේ දුක, ප්‍රශ්න මාත් එක්ක කියන්න ගත්තා.. වයිෆ් එක්ක ඉන්න බැහැ.. එයා ගහන්න එනවා කියලා.එකපාරට මට විවාහ යෝජනාවක් ගෙනාවා. මාව බදින්න ඕනේ කියලා.. ලංකාවට එනවා කියලත් කිව්වා. මාව මැරි කරන්න එයාට ඕනේ වෙලා. මම කිව්වා මට බෑ කියලා. අන්තිමට එයාට ඉන්න අනෙක් ගෑණු අය මාව ෆලෝ කරන්න ගත්තා.
මම පෙරේදා කෝල් එකක් දීලා කිව්වා මේක අහගන්නවා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.. මම බැන්නා ඕන බම්බුවක් කරන්න කියලා. සුරංග කිව්වා හරි එහෙමනම් පැය 24 ක් ඇතුලත බලාගමු මොකද වෙන්නේ කියලා කිව්වා.. ඒ තරහට තමයි මේ විදිහට මට චෝදනාවක් කරන්නේ..
මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.. මට මාතලේ කාන්තා හා ළමා කාර්යාංශයෙන් කතා කළා මේ ගැන විභාගයක් කරනවා කියලා..ඔය එයා කියන මුදල් ගණුදෙනුවක් වුණේ නෑ.; ඒක බොරුවක්. හැබැයි එයා මට ගිෆ්ට් එකක්නම් එව්වා.. පොඩි ගාණක් දීලා තියෙනවා.. උදව් කරලා තියෙනවා. හැබැයි ඒ අසරණයන්ට උදව් කරන්න කියලවත් නෙවෙයි.. ඒක මට පෞද්ගලිකව කරපු දෙයක්.
කොහොම වුනත් සුරංග ෆේස්බුක් එකේ කියලා තියෙන දේවල් වගේම ඔහුගේ හිතවතෙකුට කියලා තිබුණු දේවල්  ටිකක්
ඒ දේවල් වල ඔහු කියන්නේ මේ හැමදේම කළේ තරූට දුන්නු සල්ලි කොහොමහරි ආයේ ගන්න ඕනි නිසා කියලා, මේ දෙන්නම කියන කතාවල ඇත්ත නැත්ත දැන් තීරණේ වෙන්නේ පොලිස් පරීක්ෂණ එක්ක නිසා මින් එහාට අපි මොකුත් කියන්නේ නෑ,
 

No comments:

Post a Comment

Recent Post