Latest News

Saturday, July 16, 2016

පිරිමියෙකු සිරුරෙහි ඉවත්කළ යුතු අනවශ්‍ය රෝම.


අපි දන්නවා සිරුරේ රෝම ඉවත්කරන එක ගැහැණු අය කරන වැඩක්, හැබැයි සමහරු නොදන්නවා ඇති පිරිමි පාර්ශවයේ වුවද ඉවත් කළ යුතු අනවශ්‍ය රෝම තිබෙනවා. අපි කතා කරන්නෙ රැවුල, පපුවෙහි රෝම, අත් හෝ කකුල් වල රෝම ගැන නෙවෙයි. ඒවා පුරුෂ ලක්ෂණ පෙන්නුම් කරන සාධක. එහෙම මොනවද අනවශ්‍ය රෝම. අද අපි බලමු.
Ear Hair

කිසිම පිරිමියෙක් කැමති නෑ වයසක පප්පා කෙනෙක්ගේ වගේ කනේ රෝම එනවට, අපේ භාෂාවෙන් කිව්වොත් කනෙ මයිල්. ඒ නිසා ඔබ කොණඩෙ කපන සෑම වෙලාවකම ඔබේ කනේ රෝම එනවා නම් ඒවත් ට්‍රිම් කරන්න. හැබැ‍යි ඔබ සැලුන් එකේ නැතුව ගෙදරදි කරනවා නම් පරිස්සම් වෙන්න. කතුරු පාවිච්චි කරන්න එපා. අවදානම් වැඩී. ඒ සඳහාම නිශ්පාදිත electric razor attachment වෙලඳපොලේ තියනවා. ඒක කනේ හෝ නහයේ කුහරයේ හැඩයට තියෙන්නෙ.
Nose Hair

කනේ රෝම වගේම තමයි නහයේ රෝමත්. එලෙසම ඉවත් කරන්න ඕන. නැත්තම් ඒක මුහුණට ගෙන එන්නෙ අවලස්සන පෙනුමක්. මේ සඳහාද පෙරකී උපකරණය කතුර වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. එය දිගින් දිගටම ඔබට කරදරයක් නම් විශේෂඥයකු හමුවී ලේසර් ප්‍රතිකාරයකින් සදහටම ඉවත් කරගන්න පුලුවන්.
Eyebrows

අපෝ ඕවා කරන්නෙ ගැණුනේ. එහෙම හිතුනා නේද? නෑ නෑ අපි මේ කියන්නෙ යන්නෙ ඒ ගැන නෙවෙයි. අපි කියන්නෙ ඇහිබැම මැද කොටස ගැන. ඒ අතර පරතරය තිබිය යුත්තේ අතෙහි මහපට ඇඟිල්ලෙහි පළලක තරම පමණි. ඊට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඇහිබැම යා වුනාම මුහුණට අවලස්සනයි. ඒ නිසා ට්වීසරයක් ආධාරයෙන් වැඩි රෝම ඉවත්කරන්න.
Back Hair

ඔබගේ පිට ප්‍රදේශයෙහි රෝම වැවෙනවද. පිටෙහි රෝම ඉවත්කිරීම අනිවාර්ය නෑ. හැබැයි ඔබ නිතර beach or swimming pools වල ගැවසෙනවා නම් හෝ නිතර skinny අඳිනවා නම් පිටෙහි රෝම කොහොමත් ගැළපෙන්නේ නෑ. එය ඔබට ගෙන එන්නෙ අවලස්සන පෙනුමක්. හැබැ‍යි ඔබට මේ රෝම ඉවත්කිරීම තනිවම කරගන්න බෑ. ඒ නිසා wax කරන ස්ථානයකට යන්න. එහෙමත් නැත්නම් සදාකලිකව ඉවත්කරගැනීමට ලෙසර් ප්‍රතිකාරයක් සඳහා යන්න.
Hair Below The Belt

ඔව් ඔබගේ ඉනෙන් පහළ කොටස. සමහරු හිතනවා මෙය අත්‍යාවශ්‍ය නැහැ කියලා හැබැයි ඔබගේ රහස් ප්‍රදේශය කියන්නෙ නිතරම දහඩිය දමන තැනක්. ඒ නිසා රොම තිබෙන විට දහඩිය නිසා ඇතිවන විෂබීජ වැඩී. එය සමෙහි ආසාදන වලටත් හේතුවක්. එම නිසා එම ප්‍රදේශය පිරිසිදුව තබාගැනීම වැදගත්. මතක තබාගන්න high-quality shaving cream and fresh blade පාවිච්චි කරන්න එපා. මොකටද නිකම් අවදානමක් ගන්නෙ. ඔබ රෝම අඩුකරන්න පමණක් බලාපොරොත්තු වනවා නම් ට්‍රිමර් එකක් හෝ කතුරක් ප්‍රමාණවත්.

No comments:

Post a Comment

Recent Post