Latest News

Saturday, March 19, 2016

සෞඛය, රූපලාවන්ය හා නිවස සඳහා පොල් තෙල් භාවිත කිරීමට බලාපොරොත්තු නොවූ මාර්ග 13


පොල් තෙල් බොහෝ ජනප්‍රිය වීමට හා බොහෝ දෙනෙක් පාවිච්චි කිරිමට හේතුව වන්නෙ එයින් ලැබෙන විවිධ ප්‍රයෝජන නිසවෙනි.
එය ආහාර පිසීම, සුන්දරත්වය, ගෙදරදොර හා සෞඛය සඳහා භාවිතා කල හැක.
ඒ නිසා අපි ඔබ වෙනුවෙන්ම ඔබ බලාපොරොත්තු නොවු ආකාරයට පොල් තෙල් භාවිතා කර කල හැකි  දෑ  13 එකතු කර ඇත :


1. අවුල් වු හිසකෙස් සඳහා එය භාවිතා කරන්න

ඔබෙ අකිකරු වු හිසකෙස් හීලෑ කිරීමේ ස්වභාවික ක්‍රමයක් ලෙස පොල් තෙල් භාවිතා කළ හැකිය. ඔබේ හිසකෙස් ගස් සම්බාහනය කරන විට  පොල්තෙල් ටිකක් දාන්න. පැය කිහිපයක් තබා ඔබේ හිසකෙස් වලින් එය සෝදා හරින්න.ඔබෙ අවුල් වුනු හිසකෙස් වලට පොල් තෙල් මොයිස්චරයිස් එකක් ලෙස  භාවිතා කල හැක.


2. මොයිස්චරයිසර් එකක් ලෙස එය භාවිතා කරන්න.

පොල් තෙල් විශාල ස්වභාවික මොයිස්චරයිසර් එකක් වන අතර එය සියලු සම් වර්ග සඳහා උචිතයි.


3. තුවාල සඳහා එය භාවිතා කරන්න.

පොල් තෙල් වල ප්‍රතිබැක්ටීරීය ගුණ ගොඩක් තියෙනවා.එය තුවාල වේගවත් සුව කරන අතර කැපුම් වේලිමට උදව් වේ.


4.රූපලාවණ්‍ය සත්කරයක් ලෙස මුහුණේ ආලේප කරන්න.

ඔබ හිමාලයානු ක්‍රිස්ටල් ලුණු සමඟ පොල්තෙල් මිශ්‍ර කර ඔබේ මුහුණ මත දිනපතා භාවිතා කළ හැකිය. එය දිනපතා භාවිතා කිරීමට තරම් මෘදුය, එහෙත් ඔබ දවසේ දී රැස් කර ගෙන සිටින මැරුණු සම ​​ඉවත් කිරීමට තරම් ශක්තිමත්ය.


5. ළදරුවන් සඳහා එය භාවිතා කරන්න.

නැපි වලින් ආසදිත තත්ත්වයන් ගෙන් පෙළෙන ළදරුවන්ට නිතිපතා පොල්තෙල් බිදුවක් ආසදිත ප්‍රදේශයට ආලේපය ප්‍රයෝජනවත් වනු ඇත.ළදරුවන් හැම වෙලෙම සතුටින්.


6. බළලුන් සඳහා එය භාවිතා කරන්න.

පොල් තෙල් ඔබේ බළලාගෙ ඉදිරි පස පාදයේ අල්ල කොටසේ ආලේප කිරීමෙන්, ලෝම වර්ධනය වී ඒවා කැරලි ගැසීම වලක්වයි.


7. පොලිෂ් එකක් ලෙස එය භාවිතා කරන්න.

පොල් තෙල් භාවිතා කිරීමෙන් එවා පිටතට හා ඇතුලට කා වැදී ඔබගේ ලී වර්ග මනා පෙනුමකිනුත් දිගු කාලයක් පවත්වා ගෙන  යාමටත් හැකි වන පරිදි පොලිෂ් කර ගත හැක.


8. මකුණා දෂ්ට කල විට එය භාවිතා කරන්න.

පොල් ගෙඩියෙ ඇති තෙල්  ඕනෑම කෘමි සතෙකු දෂ්ට කලවිට සමෙහි ගැල්විම සුදුසු වේ. එය කෘමින් දෂ්ට කල සතුන් මත භාවිතා කිරීමට ද සුදුසු වේ.


9.  සෙම්ප්‍රතිෂ්යාව සඳහා එය භාවිතා කරන්න.

පොල් හා peppermint තෙල් මිශ්‍ර කර ඔබ සීතල, කැස්ස හෝ උණ රෝගයෙන් පෙළෙන විට හුමාලය ඇල්ලීමට භාවිතා කළ හැකිය.


10. සුනඛයන් සඳහා එය භාවිතා කරන්න.

කපු පුළුන් මත පොල් තෙල් ගල්වා ඔබේ බල්ලා ගේ කන් පිරිසිදු කිරීම සඳහා භාවිතා කල හැක. එය විෂබීජ නාශකයක් වන අතර කන පිරිසිදු කරයි. කනෙහි ඇති වන හොරි වලින් නිදහස් කිරිමට මෙයින් කුඩා ප්‍රමානයක් භාව්ත කල  හැක.


11.හිසකෙස් ගැට ගැසිම වැලැක්වීම සඳහා එය භාවිතා කරන්න.

දිගු වරලසක් හිමි කාන්තාවන් හිසකෙස් ගැටගැසුනු විට ඇති වන වේදනාව හොදින්ම දනි.මෙය කන්ඩිෂනර් එකක භාවිතයෙන් තොරව විසදා ගැනිමට  ලෙහෙසි පිලියමක් ඇත එනම් හිසකෙස් වලට පොල් තෙල් ගා විනාඩි 2ක්,3ක්  තැබිම්යි.


12. වියලි හිස්කබල සඳහා එය භාවිතා කරන්න.

පොල්තෙල් වියලි හිස්කබලෙ තෙතමනය හා පෝෂණය ඇති කරයි.වියළි හිසකෙස් වලට ප්‍රතිකාරයක් ලෙස හිස්කබලට පොල් තෙල් ගා සම්බාහනය කර විනාඩි 15 ක් තබා ගන්න. පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිත කර සෝදා හරින්න.වැඩි ප්‍රථ්පල ගැනීම සඳහා සතියකට 3 වරක් වත් මෙය අත්හදා බලන්න.


13. මලකඩ සඳහා එය භාවිතා කරන්න.

ඔබේ නිවසේ ඇති මලකඩ බැදුනු මෙවලම් සඳහා පොල්තෙල් විශේෂයි. මලකඩ බැදුනු මෙවලමෙ පොල්තෙල් ගල්වා පැයක් දෙකක් තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සොදා රෙදි කඩකින් පිස ගන්න.

No comments:

Post a Comment

Recent Post