Latest News

Thursday, January 8, 2015

ගිනස් පොතට ගිය බළල් රාළ


1
ෆ්‍රැන්කන්ලුවි දින කිහිපයකට වඩා  ජිවත්  නොවනු ඇති බව ඔහු උපන් විගස දුටු පශු වෛද්‍යවරුන්ගේ විශ්වාසය විය.ඒ හිස් දෙකක් ඇතිව උපදින බළලුන් දින කිහිපයකට වඩා ජිවත් වූ අවස්ථා ඉතා විරල වන්නා සේම ජිවත් වුවද ආජන්ම රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහල වීම නිසාය.

ෆ්‍රැන්කන්ලුවිව, මෙතෙක් කලක් ආදරයෙන් රැක බලා ගත් පශු හෙදිය වන මාටි ස්ටිවන්ස්ට ඔහු හමුවන්නෙත් වැඩිකල් ජිවත් නොවනු ඇති බව සිතා වේදනා රහිත මරණයකට පත් කිරීමට සුරතල් සතුන් අලෙවි කරන්නෙකු ඇය වෙත ඔහුව ගෙන ආ අවස්ථාවේදීය. ඒ 1999 වසරේදීයි. ෆ්‍රැන්කන්ලුවිගේ සුරතල් මුහුණු දෙක දෙස බලමින් ඔහුව එබඳු ඉරණමකට ලක් කිරීමට මාටි ස්ටිවන්ට සිත් දුන්නේ නැත. හිස් දෙකකින්, නාස් දෙකකින්, කටවල් දෙකකින් හා නිල් ඇස් තුනකින් යුතු මෙම අපූරු සුරතලාව තමාගේ භාරයට ගත් ස්ටීවන්ට්ස්ට ඔහුට උපරිම සැලකුම් කරමින් ආදරයෙන් රෑබලා ගත්තෙ ජිවත්වනු ඇතැයි සිතු කෙටි කාලය තුළ ඔහුව හැකිතාත් ප්‍රීතියෙන් තැබීමේ අරමුනිණි.



මෙවැනි හිස් දෙකක් ඇති බළලුන් හැඳින්වෙන්නේ ජානුස් යනුවෙනි. ජානුස් රෝම දෙවි කෙනෙකි. ඔලු දෙකක් ඇති නිසා නම් දෙකකින් එනම් ෆ්‍රැන්කන් හා ලුවී ලෙස මුලදී හැඳින්වූ බළල් සුරතලා දින කීපයකට වඩා ජිවත් නොවනු ඇති බව ස්ටිවන්ස්ගේ කල්පනාව විය. නමුත් ඒ සියලු මත හා විශ්වාසයන් බිඳ හෙලමින් වසර පහළොවක් වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට ෆ්‍රැන්ක් සහ ලුවී පසුකලක හැඳින්වුණු ලෙස ෆ්‍රැන්කන්ලුවි සමත් වූයේ වැඩිම කාලයක් ජිවත් වූ ජානුස් වර්ගයේ බළලා ලෙස ගිනස් වාර්තා පොතටද ඇතුළු වෙමිනි.




ඔළු දෙකක් තිබුනත් ෆ්‍රැන්ක් හා ලුවී සතු වූයේ එක මොළයකි. එසේම කටවල් දෙකක් තිබුණත්, ආහාර මාර්ගයට සම්බන්ධව තිබුනේ ෆ්‍රැන්ක්ගේ කට පමණි. මේ නිසා දෙදෙනෙකුට ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීමට ෆ්‍රැන්ක්ට සිදු විය. එසේම ඔහුන් දෙදෙනාට අතිරේක ඇසක් හිමිව තිබුණත් එය ක්‍රියාකාරී තත්වයේ තිබුනේ නැත. නමුත් මේ කිසිවක් ෆ්‍රැන්ක් හා ලුවිට සෙසු බළලුන් මෙන් සාමාන්‍ය ක්‍රියාශීලි ජිවිතයක් ගත කිරීමට බාධාවක් වුයේද නැත. ෆ්‍රැන්ක් හා ලුවිට දවසේ වැදගත්ම රාජකාරිය වූයේ ස්ටීවන්ස් සමග ඇමෙරිකාවේ ඔවුන් විසු නොර්ත් ග්‍රාෆ්ටන් ප්‍රදේශය අවට ඇවිදින්නට යාමයි. පසුගියදා මිය යන තෙක්ම ක්‍රියාශීලි සාමාන්‍ය ජිවිතයක් ගත කල ෆ්‍රැන්ක් හා ලුවිගේ මරණයට හේතු වූයේ පිළිකාවක් බව වාර්තා වෙයි.




පිටපත ප්‍රියන්ති රොද්‍රිගු - සත්සමුදුර ඇසුරිනි

No comments:

Post a Comment

Recent Post