Latest News

Thursday, January 8, 2015

චීනයේ ඉතිරි වූ ගැහැණු.....


           චීනයේ සංඝණන වාර්තා වලට අනුව වාර්තා වන්නේ අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයකු අවිවාහකව සිටින බවයි. 
           මේ වයසේ පසුවන පිරිමින් සැම විටම උත්සහ දරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය. චීනයේ පවතින මේ විවාහය පිළිබද අසමමිතික තත්වය හා කාන්තාවන්ගේ අවිවාහකව සිටීමේ ගැටළුව නිසා, රජය විසින් විශේෂ පියවර ගැනීමට සිදුව ඇත.
          මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.
           මෙම ඉතිරි වූ ගැහැණු ප්‍රිය මනාප, හොද රැකියා වල නියුක්ත හා උපාධිධාරී  උවද ගැලපෙන සහකරුවන් මුණ නොගැසිමෙන්, ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා. 
           මේ හේතුවෙන් පළමුව පවුල තුල කොන්විමද , මාද්‍ය මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන්ද මේ කාන්තාවන් දැඩි පීඩනයකට ලක්ව ඇත. 
           අවිවාහක වයස්ගත කාන්තාවන් පවුල තුල සිටීමෙන් , පවුලේ පිරිමි , මෙය ලැජ්ජාවට කාරණාවක් සේ සිතා, නෑදෑයන් එකතු වන ස්ථාන වලට තම අවිවාහක සොයුරියන් රැගෙන යාමට මැලි කමක් දක්වයි.
             මේ අනුව බලන කල ලංකාවේ තත්වයද මෙබදු යයි මට සිතේ, නමුත් විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත. මේ තත්වයට  කාන්තාවන් ලක් වීමෙන්, සමාජ අපචාර නම් වැඩිව ඇතැයි, මෙරට සංඛ්‍යා ලේඛන වලට අනුව වටහාගත හැක. 
      ලංකාවේද චීන රජය මෙන් මේ උපක්‍රමය යෙදුවොත්..... සාර්ථක වෙයිද මන්දා..... දන්නා අය කියන්නකෝ..... විවාහ කල්පමාව , පිරිමි සහකරුවන් කලහකාරී කිරීමෙන් විසදා ගත හැකිද කියා.....

No comments:

Post a Comment

Recent Post