Latest News

Sunday, March 6, 2016

සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම සදාගත හැකි සාම්ප්‍රදායික පිළියම් 6ක්

සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ වෛරස මගින් බෝවන කරදරකාරී රෝගී තත්ත්වයක්. සොටු දියර ගැලීම, කැස්ස, උගුරේ අමාරුව වැනි දේවල් සෙම්ප්‍රතිශ්‍යාවේ සාමාන්‍ය රෝග ලක්ශණ වනවා. අපි බලමු සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම පිළියම් කරගත හැකි සාම්ප්‍රදායික බෙහෙත් මොනවද කියල.
ඔබ දන්නා ඖෂධ ක්‍රම වලට අමතරව නිවසේ මුලුතැන්ගෙයන් හමුවන සමහර කුළුබඩු වර්ගත් සෙම්ප්‍රතිශ්‍යයා සුවයට අත්වැලක් වෙන බව ඔබ දන්නවද? කියවලම දැනගන්න එහෙනම්.

1. මී පැණි සහ ලෙමන්
Source - naturehacks.com
Source – naturehacks.com
මී පැණියි ලෙමනුයි කියන්නෙ සෙම්ප්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායී දේවල් දෙකක්. උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ සහ මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කිරීමෙන් ඉතාම හොඳ සුවයක් ලබන්නට පුලුවන්. එහෙමත් නැතිනම් ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි යුෂ තේ හැඳි දෙකක් මිශ්‍ර කරල දිනකට දෙතුන් වතාවක් පානය කරන්න. ලෙමන් හොයාගන්න බැරිනම් ඒ වෙනුවට දෙහි භාවිතා කරන්නත් පුලුවන්.

2. ඉඟුරු සහ කොත්තමල්ලි
Source - newsroom.cumc.columbia.edu, food.ndtv.com
Source – newsroom.cumc.columbia.edu, food.ndtv.com
ඉඟුරු සහ කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීමද සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිතරම භාවිතා කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. කඩෙන් ගේන පස් පංගුව පැකට් එකට අමු ඉඟුරු කෑල්ලක් මතක ඇතුව දාන්න. නිකම්ම පස් පංගුව බොනවට වඩා සහනයක් දැනෙයි.

3. ගම්මිරිස්
 Source - pyroenergen.com
Source – pyroenergen.com
“පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ”
නිකන්ද එහෙම කියන්නෙ? නෑ. සෙම්ප්‍රතිශ්‍යාව උනත් සැර දාල අඩාල කරන්න පුලුවන් ගම්මිරිස් වලට.
ගම්මිරිස් කියන්නෙ ආහාර රසවත් කරගැනීමට යොදාගන්නා කුලුබඩුවක් මෙන්ම වටිනා ඖෂධීය ගුණයකිනුත් හෙබි ද්‍රව්‍යයක්.
ගම්මිරිස් කුඩු මේස හැන්දක් කිරි කෝප්පයක් සමග මිශ්‍ර කොට උතුරුවාගන්න. ඉන්පසු එයට කහ සහ සීනි ස්වල්පයක්ද එකතු කරන්න. මෙය දිනපතා පානය කිරීම ඔබට සුවයක් ගෙනදෙනු ඇත.

4. වාෂ්පය
Source - in-face.ru
Source – in-face.ru
භාජනයකට ජලය ගෙන එයට දෙහි කොළ ස්වල්පයක් දමා තම්බා එහි හුමාලය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට ඉතාම ගුණදෙන ප්‍රතිකර්මයකි. හුමාලය පිටතට නොයනු පිණිස රෙදිකඩකින් හිස මුහුණ ආවරණය කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස කළ යුතුවේ. මේ සඳහා දෙහිකොල පමණක් නොව ලෙමන්, නාරං ආදී කොළද භාවිතා කළ හැක.

5. ඉඟුරු දෙහි දැමූ තේ
Source - healthyfoodelements.com

සෙම්ප්‍රතිශ්‍යාව සෑදුන විට දැනෙන උගුර අමාරුවට සහනයක් ගෙන දෙන පානයක්. කහට තේ එකකට තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ දෙහි යුශ ටිකක් එක් කර උදේ සවස පානය කරන්න. තේ වෙනුවට උණු වතුර උනත් භාවිතා කරන්න පුළුවන්.

6. සුදු ලූණු
Source - youtube.com
Source – youtube.com
සුදු ලූණු බික් දෙකක් ගන්න. හොඳින් තලාගෙන කහකුඩු තේ හැඳි භාගයක් සමග ජලයට මුසුකර තම්බා බොන්න. ඉතාම හොඳ සුවයක් ගෙනදෙන පානයක් වේවි.

No comments:

Post a Comment

Recent Post