Latest News

Saturday, March 19, 2016

මී පැණි වලින් නිවසේදි හැදූ මුහුණ සේදුම් කාරකය: ස්වභාවික ,පෝෂණය හා මෘදු සම වෙනුවෙන් අදම උත්සාහ කර බලන්න



ඔබ කවදා හෝ මී පැණි මුහුන සේදුම් කාරකය වැනි ගෙදර හැදූ ස්වාභාවික පිළියමක් මගින් මුහුනෙ සම  පිරිසිදු කිරීමට උත්සාහ කර තිබෙනවාද? 

විවිධ තෙල් වර්ග වලින් ඔබ යම් ආකාරයකට මුහුනේ සම පිරිසිදු කර ගැනිමට උත්සහ කර ඇති නමුත්, එහි අභියෝගය නම් ඔබේ මුහුනෙ පරිපූර්ණ තෙල් සංයෝජනය සොයා ගැනීමයි.
ඇත්තටම, ඔබ ඔබේ මුහුනෙ  පරිපූර්ණ තෙල් සංයෝජනය නිවැරදිව සොයා ගත යුතුයි.සෑම විටම එය භාවිත කිරිමට උපදෙස් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් , ඔබට මෙම ලිපිය කියවා ඔබේ සම පිරිසිදු කරන වඩාත් ඵලදායි ක්‍රමය ලෙස  ඔප්පු වි තිබෙන ස්වභාවික මී පැණි  මුහුන සේදුම් කාරකය භාවිතයට යොමු විය හැක. මෙම ක්‍රමය තුල ප්‍රධාන අමු ද්‍රව්‍යය මී පැණි වේ.මෙය ඕනෑම කෙනෙකුට සකස් කිරීමට ඉතා පහසුයි! 


ඇයි මී පැණිම භාවිත කරන්නෙ?
අමු කාබනික මී පැණි වල විශේෂයෙන් සමන්විත වන්නේ ස්වාභාවික බැක්ටීරියා නාශක, probiotics සහ එන්සයිමයි. ඔබේ සමෙ කුරුලෑ සැදිමෙ අවධානමක් තිබෙ නම් ඔබගේ විසඳුම අමු මී පැණි විය හැකිය. බැක්ටීරියා හා තෙල් රැස් කරන ඔබේ සමෙ සිදුරු විවෘත කිරිම අඩු කරයි. මතක තබා ගන්න නිසි ආහාර වේලක් ගැනිම කුරුලෑ බැහැර කිරිමට ඉතා වැදගත් වේ.
එපමනක් නොව මී පැණි මගින් සාමාන්‍ය සබන් වලට වඩා ඔබේ සම මෘදු වේ. හුදෙක් ඔබේ සමේ තෙල් අඩු කිරීමෙන් ,ඔබේ මුහුණ පෝෂණය කර කෘතිම මුහුණු  සේදුම් කාරක නිෂ්පාදන වල  අවශයතාව  අඩු කෙරෙනු ඇත.
විද්යාත්මකව බලන විට මී පැණි මිනිසුන්ට ඇති වන තුවාල සහ පිළිස්සීම සඳහා ආලේපනයක් ලෙස භාවිතා කල හැක.ඇත්ත වශයෙන්ම, මී පැණි බැක්ටීරියා අවම කරන අතර එම අවස්ථාවේ දී බාහිරින් එන බාධා ඉක්මනින් වලක්වයි.



ඔබේ මුහුණ සේදිම සඳහා හොඳම මී පැණි  වර්ග මොනවාද?

1. මානුක මී පැණි

2. අමු මී පැණි


මෙම මී පැණි වර්ග දෙකම නියත වශයෙන්ම මුහුණ පවිත්‍ර කිරිම සඳහා සුදුසු වේ. මානුක මී පැණි හොඳ වන්නේ එහි ඇති අභ්‍යන්තර ප්‍රතිලාභ නිසවෙනි.එහි අදහස  වන්නේ පවිත්‍රකාරකයක් ලෙස සහ ප්‍රතිබැක්ටීරීයා කටයුතු සඳහා භාවිතා කළ හැකිය. මානුක මී පැණි වලට වඩා අඩු මුදලක් වැය වුවද ඒ හා සමාන සේවයක් අමු කාබනික මී පැණි වලින් සිදු කරයි.
සමහර පුද්ගලයන් සම මත ඇති වන කුරුලෑ , බැක්ටීරියා හා සටන් කිරීමට විටමින් C කුඩු හා අත්‍යවශ්‍ය තෙල් යොදා ගනි.ඔබේ මී පැණි මිශ්‍රණයට කට්ටකුමංජල් සහ ලැවන්ඩර් බිංදු කිහිපයක් එකතු කිරීමට මම නිර්දේශ කරනවා.


ක්‍රියා පිළිවෙළ

1. උණුසුම් ජලයෙන් ඔබේ මුහුණ තෙත් කර ඉන්පසු ඔබේ අතට මී පැණි ගෙන ඔබේ අත් අතර එය ඇතිල්ලිම ආරම්භ කරන්න. පූර්ණ තේ හැන්දකට  වඩා යන්තම් අඩු ප්‍රමානයක්  සමස්ත ක්‍රියාවලිය ඉටු කිරීමට ප්‍රමාණවත් තරම් වේ.

 2.කවාකාරව එය ඔබෙ තෙත් මුහුනෙ ආලේප කරමින් සම්භාහනය ආරම්භ කරන්න. ඔබෙ මුළු මුහුණම සම්බාහනය තුළ ආවරණය කල  බව සහතික කළ යුතු ය.

  3.මෙම ගැඹුරු මුහුණ සේදුම්කාරකය අලේප කිරිමෙන් පසුව විනාඩි 5-10ක් ඔබේ මුහුනේ සිදුරු පවිත්‍ර කර ගැනීමට ඉඩ ලබා දෙන්න .

  4.අවසාන වශයෙන් උණුසුම් ජලයෙන් ඔබේ මුහුණෙ ඇති සංයෝග ඉවත් කර   මුහුන පිසදා ගන්න. 

තවමත් දිවා කාලයේ දී අදාළ වෙනත් පොදු තෙල් පවිත්‍ර ක්‍රම මේකප් ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැකි බව සටහන් කර ගන්න. මේ මී පැණි ක්‍රමය විශේෂයෙන් උදෑසන ඔබේ සම පිරිසිදු කිරීම සඳහා ප්‍රාථමික හෝ ද්විතියික ක්‍රමයක් ලෙස භාවිතා කරන්න.

මේ ගෙදර හැදූ මී පැණි මුහුන සේදුම් කාරකය මගින් ඔබේ සමේ ස්වාභාවික බව පෝෂණිය බව  හා සිනිඳු බව රැක ගැනිම සඳහා අදම  උත්සාහ කර බලන්න!

No comments:

Post a Comment

Recent Post