Latest News

Tuesday, March 15, 2016

ADBOX .LK වලින් මුදල් උපයමු...... ez Cash වලින් සල්ලි ගමු


                                                Image result for adbox.lk
අද වන විට බ්ලොග්කරණය බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත අංගයක් වී ඇත. මම දන්නා තරමින් බොහෝ දෙනා බ්ලොග් කලාවට නියැලෙන්නේ අතට කීයක් හරි හොයා ගන්න. හැබැයි ඉතින් එහෙමයි කියලා මම කියන්නේ නෑ හැමෝම බ්ලොග් කරන්නේ සල්ලි හොයන්නමයි කියලා. කොහොමවුණත් අද ලිපියෙන් කියන්න යන්නේ නිකන් තියෙන් බ්ලොග් එකෙන් අතට කීයක් හරි සොයා ගන්නා ක්‍රමයක් පිළිබඳවයි.


අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. එහිදී අපට විශ්වාසනීයත්වය ඉතාමත් වැදගත් වේ. ඔන්න ඉතින් විශ්වාසනීයත්වය 100% තියන්න පුලුවන් ලංකාවේ අපේ කොල්ලෙක් කරන අලුත්ම සයිට් එකක් ගැනයි මේ කියන්න යන්නේ... 2015.09.17 වන දින නිකුත් කරනු ලබන Adbox.lk වෙබ් අඩවිය මඟින් ඔබේ වෙබ්/බ්ලොග් එකක් තියේනම් Adbox.lk මඟින් කීයක් හරි හොයා ගන්න වගේම , ඉතාමත් අඩු මුදලකට දැන්වීම් ප්‍රචාරන කටයුතු සිදු කරන්නටද අවස්ථාව ලංකාවේ අපේම දෙයක් වන Adbox.lk සමඟ ඔබටත් එක් විය හැකිය.


Adbox.lk සමඟ එක් වීමට අවශ්‍ය වන සුදුසුකම් මොනවාද?
වෙබ් හෝ බ්ලොග් අඩවියක හිමිකරුවන්ට මේ සඳහා එක් වීමට හැකිය.


දැන්වීම් ධාවනය ආරම්භ කරනේ කේසේද?
ඔබේ වෙබ් පිටුවේ දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානයේ 
Adbox HTML කේත යෙදීමෙන් දැන්වීම් ධාවනය ආරම්භ කළ හැකිය.


එකකට වඩා වැඩි වෙබ් අඩවි ගණනාවකට දැන්වීම් ඇතුළත් හැකිද?
ඔව්. ඔබේ Publisher Dashboard හි ඔබේ නව අඩවිය ඇතුළත් කරන්න



මට එකම පිටුවේ එකම දැන්වීම් කේත නැවත නැවත එක් කළ හැකිද?
නොහැක. මෙය ඔබේ ගිණුම අත්හිටුවීම සඳහා හේතු වනු ඇත.
මේ සඳහා නව දැන්වීම් ඒකකයක් නිර්මාණය කර එය ඔබේ අඩවියේ ඇතුලත් කරන්න.


මට Adbox HTML දැන්වීම කේත (සංස්කරණය / වෙනස්) වෙනස් කළ හැකිද? 
නොහැක. එය ඔබේ ගිණුම අත්හිටු සඳහා හේතුවක් වනු ඇත.


මට මගේ අඩවියේ දැන්වීම් කොපමණ ප්‍රමාණයක් පළ කළ හැකිද?
ඒ සඳහා සීමාවක් නැත. නමුත් දැන්වීම් පිරුණු අඩවියක් එහි පාඨකයන්ට බාධාවක්. ඒ නිසා දැන්වීම් විශාල ප්‍රමාණයක් ඇතුළත් කිරීමෙන් ඔබේ අඩවියට පැමිණෙන පාඨකයන් ගණන අඩු වී, ඔබේ Adbox ආදායමද අඩු විය හැකියි. එමනිසා අපගේ නිර්දේශය එක් පිටුවක උපරිම වශයෙන් දැන්වීම් 3ක් පමණ පළ කරන ලෙසයි.


Adbox මට මුදල් ගෙවන්නේ කුමකටද?
Adbox ඔබට මුදල් ගෙවන්නේ ඔබේ අඩවියෙන් සිදුවන අව්‍යාජ CPC CPM සඳහා පමණයි.


මම මගේ වෙබ්/බ්ලොග් අඩවියේ පළ කරන දැන්වීම් මටම ක්ලික් කර හැකිද?
කිසිසේත්ම නොහැක. ඔබ එසේ කළහොත් ඔබේ 
Adbox ගිණුම ස්වයංක්‍රීයවම අත්හටවෙනු ‍ලැබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ Adbox ප්‍රකාශක නියමයන් සහ කොන්දේසි කියවා බලන්න

අව්‍යාජ ඇඩ් ක්ලික් කිරීමක් සඳහා Adboxකොපමණ මුදලක් ගෙවයිද?
එය (රු. 2.00 - 40.00), අතර වෙළඳ දැන්වීම් ගේ ලංසු මත රඳා පවතී.


මගේ දැන්වීම් ආදායම නිරීක්ෂණය කරන්නේ කෙසේද?
ඔබ් Adbox ප්‍රකාශක ගිණුමට පිවිසී ඔබේ දැන්වීම් කේතවල දැන්වීම් දිස්වීම් දිස් වූ වාර ගණන, ක්ලික් වූ වාර ගණන සහ ඔබ ලද ආදායම නිරීක්ෂණය කළ හැකියි.

ගෙවීම් සිදු කරන ක්‍රම මොනවාද?
බැංකු තැන්පතු හෝ ezcash/mcash මඟින් ගෙවීම් සිදු කරයි


මට ගෙවීම් සිදු කරනේ කවදාද?
ඔබේ ගෙවීම් ඉල්ලුම් කළ පසු වැඩ කරන දින 15 තුළ ඔබේ ගෙවීම් සිදු කරනු ඇත.

මගේ ඉපැයීම් වලින් මට ලබා ගත හැකි අවම මුදල කීයද?
EzCash / mCash හරහා: LKRs 300.00
බැංකුවේ diposit / Transfer: LKRs 1000.00


වෙනත් මුදලක් අය කර සිටිනවාද?
ඔව්. ඔබ ඉපැයූ මුදලෙන් 10% ප්‍රමාණයක් අය කරනු ලැබේ.


PUBLISHER කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න

Adbox.lk ගැන නොදන්නා අයට දන්නා සිංහලෙන් නිතරම මතුවන ගැටලු වලට පිළිතුරු සමඟ විස්තරයක් ඉහත දක්වා ඇත. එහෙනම් register වෙලා බලන්න. ගැටලුවක් තියෙනවානම් කොමෙන්ට් කරන්නකෝ...එහෙනම් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Recent Post