Latest News

Saturday, March 19, 2016

ඔබ වැළකී සිටිය යුතු දන්ත සංවේදීතා ඇති විමට බලපාන ප්‍රධාන හේතු 7


දන්ත සංවේදීතාව ලොකු ප්‍රශ්නයක් විය හැක.  එයින් පීඩා  විඳින්නන්ට එය මහත් වේදනාවක් සහ අසහනයට  හේතු විය හැකිය.
සමහර විට,වේදනාව සඳහා ඔබ විසින් ගත් පියවර ඔබෙ  අත්දැකීම් වලින්   පමණක් වන අතර ඔබෙ දත් ආරක්ෂා කිරීමට ඇති තරම් නොවේ. හොඳයි, ඔබ අදම ඔබේ දුක ඇති කිරිමට හේතු විය හැකි මෙම ගැටලු හත කියවා  සියලු  මැසිවිලි නැගිම් හා බියෙන් සිටිම් නවතා දමන්න.   

  

දැඩි ලෙස දත් මැදීම

 වැඩිපුර දත් මැදීම එනමල් ඛාදනය විමට හේතු වේ. මෙයින්  ඔබේ දත් සංවේදී හා වේදනාකාරි වනු ඇත. ඔබට තවමත් මෘදු දත් බුරුසුවකින් සාමානය වේගය සහ බලය යොදමින් මැදිය හැක. මෙම වර්ගයේ මෘදු දත් බුරුසු විදුරුමස් ආරක්ෂා කරන  නමුත් දත් දිරායාම කෙරෙහි දැඩි ලෙස  බලපායි.


දත් සුදු  කිරිමේ  දන්තාලේප භාවිතා කිරිම

සමහර කවුන්ටර වලින් අලෙවි කරන දත් සුදු කරන සංයෝග වලින් දත් ක්‍රම ක්‍රමයෙන් සංවේදී විය හැකිය.එවා තුළ දත් සුදු කරන සංයෝග අඩංගු කර  ඇත. ඒ නිසා ඔබේ දත් අනාගතයේ දී වඩාත් සංවේදී බවට පත් වන්නට පෙර වඩා හොඳ ඔබේ දන්තාලේප මාරු කිරිමයි.


දත් දිරාපත් වීම

 දත්වල සිදුරු, දත් පිරවීම් හා දත් දිරා පත් වීම දන්ත සංවේදීතාව ඇති වීමට  හේතුවක් විය හැකිය. දත් කැබලි හා ඉරිතැලීම් වලින් බොහෝ විට වේදනාව සහ අසහනය ගෙන එන්නේ  ඔවුන් උණුසුම් හා සිසිල් ආහාර හා බීම වර්ග සමග දත් ස්පර්ශ කරන විටයි. මෙම අවස්ථාවේදී කළ හැකි හොඳම ප්‍රතිකාරය වන්නේ දන්ත පරීක්ෂාවක් කර ගැනීමයි. මෙම තත්වය දරුණු වූ විට දත් ගැලවීම හෝ දත් පිරවීම කල හැක.


විදුරුමස් රෝග

විදුරුමස් රෝග, බොහෝ විට විදුරුමස් පස්සට නැඹුරු වීමෙන් දත් නිරාවරණය වීම නිසා සංවේදීතාව හා අසහනය ඇති විය හැක. මෙම දන්ත ගැටළුව ඇත්දැයි දැන ගැනීම්ට ඇතුලත විදුරුමස් පරීක්ෂාව සඳහා දන්ත වෛද්‍ය වරයකු වෙත යොමු වීම සුදුසු වේ.


රළු මුඛ සෝදන

වෙළඳපොළෙන් ඔබ ගන්නා මුඛ සෝදන වල අඩංගු අම්ල හා රසායනික ද්‍රව්‍ය ඔබේ දත් දුර්වල හා සංවේදීතාව ඇති කරයි. රළු මුඛ සෝදන වලින්ද ඔබගේ විදුරුමස් පස්සට නෙරීම ආරම්භ වනු ඇත. මෙයට එකම විසඳුම වන්නේ සෑම දිනකම ඔබේ දත් සඳහා මධ්‍යස්ථ ෆ්ලෝරයිඩ් භාවිතා කිරීම ආරක්ෂාකාරී වන බවයි.


ආම්ලික ආහාර සහ බීම වර්ග

සමහර ආහාර හා බීම වර්ග ඔබේ දන්ත සංවේදීතාව සඳහා හේතුව විය හැක. ඒ නිසා තත්වය තව තවත් නරක අතට හැරෙන්නට පෙර ඔබට හැකි අයුරින් මෙවයින් වැලකි සිටිම වැදගත්.මෙහිදි විශේෂයෙන් ආහාර වර්ග වලින් තක්කාලි සෝස් , ලෙමන් , මිදි , කිවි සහ අච්චාරු ආම්ලික ආහාර ලෙස නම් කෙරේ.කෝපි, තේ, වයින්, සහ සෝඩා අම්ල ප්‍රමාණයෙන් ඉහළ බීම වර්ගයි. එවැනි දෑ දන්ත සංවේදීතාව වැඩි කරයි.


අධික ලෙස දත් නරක් වීම (බැක්ටීරියා මගින්)

දත් මත බැක්ටීරියා රැදීමෙන් දන්ත සංවේදීතාව ඇතිවිය හැක. ඒ නිසා හොඳම දේ වන්නේ නිතිපතා දත් මැදීම සහ දත් සුද්ද කිරීමයි. අධික ලෙස මැලියම් බැඳුණහොත් එය ඉවත් කිරීම ඔබට අපහසු සහ ලොකු ප්‍රශ්ණයක් විය හැක. මෙමගින් දන්තසංවේදීතාව පමණක් නොව මුඛ දුර්ගන්ධය හා දත් දිරා යාම පවා ඇති වේ.


ඔබේ දන්ත වෛද්‍ය වරයා නිතර හමු වී මේ ප්‍රශ්න ඔබට මඟ හරවා ගත හැක. එහෙත්, ඒ සඳහා කාලය නොමැති අය මෙම ගැටලුකාරී තත්ත්වය මූල සිටම වළක්වා ගැනිම අවශ්‍යයි.නිසි මුඛ සෞඛයක් පවත්වා ගෙන යාම සඳහා, ඔබ ඔබේ දත් සහ විදුරුමස් විනාශ විය හැකි හානිකර රසායනික ද්‍රවය හා අමුද්‍රවය අඩංගු නොවන  ස්වාභාවික හා ආරක්ෂිත මුඛ සෝදන සහ දත් බෙහෙත් හැකිතාක් දුරට භාවිතා කිරීම අවශය වේ.

කර්තෘ  : ජෙසිකා මැක්ස් ඇමරිකානු  ලේඛකයෙකි. ඇය සෞඛය හා රූපලාවන්ය පිලිබඳ විශේෂඥ පවුලකට හිමිකම් කියන්නිය.ඇගේ ලේඛන නිපුණතා විස්තරාත්මක හා අර්ථවත් වේ. ඇය බොහෝ දන්ත පිරිසිදු කිරීම් ගැන  හා වෙනත් සෞඛය සේවා බ්ලොග් ලියා ඇත. එසේ සෞඛ්ය හා ශාරීරික යෝගයතා බ්ලොග් කියවීම හා ලිවීම ඇය භුක්ති විඳියි. ඇය සෞඛය සම්පන්නව හා ශාරීරික යෝගයතාවයෙන්  සිටිමට කැමති අයෙකි. එම නිසා නිතරම ඇගේ සෞඛ්ය හා  ශාරීරික යෝගයතාව පිලිබඳ  ඉඟි ගැන දැනුවත් වන්න.

No comments:

Post a Comment

Recent Post