Latest News

Saturday, March 19, 2016

මෙන්න අදම ඔබේ සීනි වලට ඇබ්බැහි වීම් මර්දනය කරන්නේ කොහොමද?






සීනි විෂම චක්‍රයක කොටසකි. සීනි කන්න කන්න තව තවත් ආස හිතෙනවා. සීනි වලට අධික ලෙස ඇබ්බැහි වූවෙකුට එය නවතාලීමට සතියක පමණ කාලයක් ගතවන මුත්, ඔබ එය අදම නැවත්වීම අත්‍යවශ‍යයි.

විශේෂයෙන්ම සීනි අධික ප්‍රමාණයක් ආහාරයට ගත් විට ඔබේ ශරීරයේ වයස්ගත ක්‍රියාවලිය වේගවත් කළ හැකි බවමෑතකදී කල අධ්‍යයනයන්ගෙන් පෙන්වා ඇත. කවුද එහෙම වෙන්න කැමති? 

සෞඛය සම්පන්න ජීවිතයකට පිළිතුරු අප ලඟම තියෙනවා, එය අලුත් අවුරුදු යෝජනාව කර නොගන්නේ මන්ද? අද ඔබේ සීනි වලට ඇබ්බැහි වීම මර්දනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පෝෂණවේදිනියක ගෙන් ඉඟි සහ ක්‍රම සඳහා පහත කියවන්න.


1. හොඳ තීරණ ගන්න

 ඔබ මෙම උත්සව සමයේ භුක්ති විඳින සීනිමය වටා කේන්ද්රගත වන ආහාර අවශ්‍ය නම්, ඔබ එය බුද්ධිමත්ව සංග්‍රහ කටයුතු වලට තෝරා ගැනීමට වග බලා ගන්න. පෝෂණ ඇකඩමියේ තමරා මෙල්ටන් කියන ආකාරයට වසරේ අනෙක් කාලයෙදී නොගත්, එනම් ගිම්හානයේ දීඅයිස් ක්රීම් හෝ ශීත ඍතුවේ දී mince pie (මස් කැබලි ආදිය යොදා තැනූ කෑම) වැනි අහාරයක් පිලියෙල කිරිම උචිත බවයි.

 

2. ධනාත්මකව සිතන්න 

ඔබ ඔබව විශ්වාස කරයි නම් ඔබටම සීනි පාලනය කල හැකිය. වචන බලවත්ය. එයට ඔබව පාලනය කිරීමේ හැකියාව ඇත. Kathie Dolgin , Sugar Savvy Solution: Kick Your Sugar Addiction for Life and Get Healthy හි කතුවරයා පවසන්නේ ඔබ සීනි පාලනය දුෂ්කර වනු ඇතයි සිතන්නේ නම් , එය දුෂ්කර වනු ඇත. ඍණාත්මක සිතිවිලි ප්‍රයෝජනවත් නොවන අතර ප්‍රගතිය ද නවත්වයි. ඔබට පුලුවන් යැයි සිතන්න එවිට ඔබට අවස්ථාවන් ලැබේ. 

 

3. ඔබ සාගිනි වී සිටින විට කවදාවත් තීරණ ගන්න එපා. 

 ඔබ සියලු දෙනාට බඩගිනි වූ විට ඔබ නරක තීරණ ගන්නා බව අපි දන්නවා. රත්‍රි අහාරය සාදා ගැනීමට කාලය නොමැති නිසා සමබර ආහාර වේලක් වෙනුවට සිනි පිගානක් කනවා වගේ. ඔබ සෑම පැය තුන හතරකට වරක් සෞඛ්ය සම්පන්න ආහාර වේලක් කෑමට වග බලා ගන්න. පෝෂණවේදිනියක වන Simone Gloger නිර්දේශ කරන්නේ ප්‍රෝටීන වැඩි ආහාර තුනක් දිනකට සහ ප්‍රෝටීන වැඩි කෙටි ආහාර 2ක් ඔබව දවස පුරා පූර්ණ සෑහීමට පත් කිරිමට උදව් වන බවයි.


4. සීනි නොවිය හැකිය 

ඔබේ අශාවන් සීනි සඳහාද, ඇත්තටම වෙන දෙයක් සඳහා හෝ විය හැකි බව ඔබ දැන සිටියාද? බොහෝ විට මිනිසුන් පිපාසය බඩගින්න ලෙස වරදවා වටහා ගනී. සුලූ කෑමක් අවශ්‍යතාව ඇත්තටම විජලනය විය හැක. සෑම විටම, පැණි රස කෑමකට පෙර වැඩිපුර වතුර බොන්න. මතක තබා ගන්න පලතුරු යුෂ හෝ සෝඩා නොබීමට. ඒවා වලින් වෙන්නේ දොළදුක වැඩි කිරීමයි. එය ක්‍රියා නොකලේ නම්, එවිට දුඹුරු චොකලට් හෝ කුඩා යෝගට් ප්‍රමාණයක් ගැනීමෙන් පසුව ඔබට හැඟෙන්නේ කෙසේදැයි බලන්න.


5. ඔබට සමාව දෙන්න

අපි සියලු දෙනාම මිනිසුන් වන අතර, සමහර වේලාවට විරුද්ධ වීමට අමාරුයි , නමුත් ඔබේ වැරදි වලම ඔබ වාසය කරන්න එපා. ඔබ ඔබටම සමාව දී නැවත ආරම්භ කරන්න. ඔබේ තත්ත්වය පිළිබඳ ධනාත්මක සිතීමෙන් සහ සතුටු වීමෙන් ඔබේ endorphins වර්ධනය වේ. එමඟින් ඔබට සීනි වලින් ලැබෙන ආශ්වාදයම ලැබේ. ඒ ගැන මේ ආකාරයෙන් සිතන්න, තමාව විශ්වාස කිරීම හා සතුටින් සිටීම හරියට ලෙඩ නොවී සීනි කනවා වගේ. 

 

 

දැන් එයින් ඉවත්වීමට කාලයයි. මතක තියා ගන්න මෙය ඔබටයි ඔබෙ සෞඛ්‍යයටයි වන බව. නිරන්තරයෙන් සතුටින් සිටින්න.

No comments:

Post a Comment

Recent Post