Latest News

Friday, May 27, 2016

පිරිමි 30ක් එක් වී දැරිය සමූහ දූෂණය කළ වීඩියෝව Twitter දාලා


  • පිරිමි 30ක් එක් වී දැරිය සමූහ දූෂණය කළ වීඩියෝව Twitter දාලා

තම පෙම්වතා හමු වීමට ඔහුගේ නිවස වෙත ගිය යොවුන් දැරියකට මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳ පුවතක් මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.
මෙම 16 හැවිරිදි දැරිය පසුගිය සෙනසුරාදා ඇගේ පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහි දී ඇයට යම් මත් ද්‍රව්‍යයක් ලබා දී සිහිමුර්ජා කරවා ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
සිහිය ලැබෙන විට තමා සිටියේ වෙනත් නිවසක බවත් පිරිමින් විශාල ගණනක් තමාව වට කරගෙන සිටි බවත් ඇය පොලීසිය වෙත ප්‍රකාශ කොට ඇත.
පුද්ගලයින් බොහෝ පිරිසක් විසින් දැරිය එහි දී අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඇති අතර මෙම ස්ත්‍රී දූෂණයට සම්බන්ධ වූ 30 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලීසිය සමත් වී තිබේ.
දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයාට ද පොලීසියෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර බ්‍රසීලයේ, රියෝ දි ජැනයිරෝ නුවර මුඩුක්කු ප්‍රදේශයක දී මෙය සිදු වී තිබේ.
ඇයව සමූහ දූෂණයට ලක් වූ දිනට පසුදින එනම් ඉරිදා පියවි සිහිය ලැබෙද්දී තමා සිටියේ නිර්වස්ත්‍රව බවත් ශරීරයේ තැනින් තැන තුවාල ද තිබූ බවත් තමා නැගිට නිවස වෙත දිවගිය බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
ඉන් පසුව ද ඇයට සැනසීමක් නොවූයේ ඇයව සමූහ දූෂණයට ලක් කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුදින Twitter සමාජ ජාලයේ සංසරණය වනු දැකීමත් සමගයි.
සමූහ දූෂණයට සම්බන්ධ වූ අයෙකු සිද්ධිය වීඩියෝගත කර මෙසේ අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර එය පුළුල් ලෙස පැතිරී ඇත්තේ දැරියට පරිභව වන ආකාරයේ අදහස් පළ කිරීම් ද සමගිනි.
මෙම සිදුවීමේ සැබෑ තතු සැලවීමත් සමගින් එම වීඩියෝව පළ කොට තිබූ ගිණුම අත්හිටුවීමට Twitter සමාගම පියවරගෙන ඇතත් ඒ වන විටත් එය බොහෝ පිරිසක් නරඹා අවසන් වී තිබුණි.
වීඩියෝව නැරඹූ පිරිස අතර දැරියගේ පවුලේ සාමාජිකයින් සිටින අතර තමා එය නරඹා හඬා වැටුණු බව දැරියගේ මිත්තණිය පවසා තිබේ.
"අපි එ් වීඩියෝව බැලුවේ ලොකු වේදනාවකින්. මේක ඇත්තටම සිදුවුණාද කියලා අපිට විශ්වාස කරගන්නවත් බෑ." යනුවෙන් දැරියගේ මිත්තණිය පුවත්පතක් වෙත අදහස් පළ කොට ඇත.
මෙම සිදුවීමට සමාජජාලවල පුළුල් අවධානය යොමුව ඇති අතර මෙහි පරීක්ෂණ පැවැත්වීමේ දී අදාළ දැරියගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද බ්‍රසීල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
2014 වසරේ දී පමණක් බ්‍රසීල පොලීසිය වෙත වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 47,636ක් වන නමුත් එම ප්‍රමාණය සමස්ත ස්ත්‍රී දූෂණ ප්‍රමාණයෙන් 35%ක් පමණක් වන බවයි බ්‍රසීල බලධාරීන් පවසන්නේ.
පොලීසිය වෙත වාර්තා නොවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ඉතා ඉහළ සංඛ්‍යාවක් වන බව ඔවුන් පෙන්වා දී තිබේ.
 පහත බැනර් එක මත ක්ලික් කිරිමෙන් වීඩියෝව ඔන්ලයින් නරබන්න

No comments:

Post a Comment

Recent Post