Latest News

Friday, May 13, 2016

කොන්ද කෙළින් තියාගෙන ඉන්න තරුණියන්ට පිරිමි හරිම කැමැතියි.

konda


ඔයා ලස්සනට අඳින්නේ මේක් අප් කරගෙන හැඩ වැඩ වෙන්නේ අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නට ඇති කැමැත්ත නිසා නේද?
විශේෂයෙන්ම පිරිමි අයට පේන්න හැඩ වැඩ පෙන්නන්න අපේ තරුණියන්ගේ යටි සිත වැඩි කැමැත්තක් දක්වනවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. එහෙම කිව්වෙ වැරැද්දක් හැටියට හිතලා නෙවෙයි. ඒ අයගේ ආකර්ෂණය දිනා ගන්නට පුළුවන් නම් ඒකත් ඔබ සතු දක්ෂතාවයක් නිසයි. හැබැයි ඉතින් පිරිමි අයගේ ආකර්ෂණය දිනාගන්න කියලා අනවශ්‍ය විදිහට ඇඟ පේන විදිහට විලාසිතා කරන එක හොඳ දෙයක් නෙමෙයි. එය ඔබ ගැන වැරැදි වැටහීමක් ඇති කරන්නට එක් හේතුවක් වන්නට පුළුවන්. ඒ වගේම සමහර පිරිමි ඒ වගේ අය දිහා බැලුවත් ඔවුන්ට ආකර්ෂණය වෙන එකක් නෑ. ඔබට මතකනේ අපි පසුගිය ලිපිවලින් කතාකළේත් පෙම්වතාගේ සැමියාගේ හිත දිනාගන්න නම් ඔබ ජීවිතේ හැඩ ගසාගත යුත්තේ කොහොමද කියන එකයි. අද කතා කරන්නෙත් එයටම සම්බන්ධ වැදගත් දෙයක් ගැන තමයි.
ඔබ කොන්ද කෙළින් තියාගෙන ඉන්න කෙනෙක්ද? මං එහෙම ඇහැව්වොත් ඔබ හිතාවි මොකද මේ එක පාරටම කොන්ද ගැන අහන්නේ කියලා. ඔබට මතකද පොඩි කාලේ කොන්ද කෙළින් තියාගන්න ළමයෝ කියලා අම්මා කියපු හැටි. ඊට පස්සේ හස්බන්ඩ් කියන්න ඇති කුදු වෙලා ඉන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි කොන්ද නමාගෙන ඉන්න හැටි දැක්කොත් ඒ අය කියාවි කවදහරි ආච්චි කෙනෙක් වගේ නැමිලා කොන්ද කුදු කරගෙන යන්න වෙයි කියලා. කතාව ඇත්ත. අපි කතාවටත් කියනවනේ මොනවා වුණත් කොන්ද කෙළින් තියා ගන්න කියලා. මෙන්න මේ නිසා ඔබ නිතරම උත්සාහ කරන්න ඕනෙ කොන්ද කෙළින් තියාගෙන ඉන්න. කාන්තාවක් නිතරම කොන්ද නමාගන්න ඉරියව්වෙන් ඉන්නවා නම් ඇයගේ ලස්සන පෙනුම සුන්දරත්වය පෞරුෂත්වය නැතිවෙන්න පුළුවන්.
ලස්සන පි‍්‍රය මනාප විදිහට කොන්ද පපුව උරහිස් ස්මාට් එකට තියාගෙන ඉන්න අයට පිරිමි හරිම කැමැතියි. ඔවුන් හිතන්නේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ වගේ කාන්තාවන් එක්ක කියලයි.
ගැළපෙන ඇඳුම් විතරක් තෝර ගන්න.
මේ ගැන නම් සැලකිලිමත් වෙන්නම ඕනේ. හැම වෙලාවෙම තමන්ට තමන්ගේ සිරුරට ගැළපෙන ඇඳුම් විතරක් තෝර ගන්න. නැමෙන කොට පහතට වැටෙන ශරීරය එහෙන් මෙහෙන් පේන ඇඳුම් නම් ගන්න එපා. සමහර අයගේ පිට පපු පෙදෙස පවා අනවශ්‍ය විදිහට පේනවා. ඒ විතරක් නෙවෙයි. නෙරා ඇති බඩ පිට දෙපස ටයර් පවා පිටතට පේනවා. මේ වගේ ඇඳුම් අඳින අයට පිරිමින්ගේ ආකර්ෂණයක් ඇති වෙන්න විදිහක් නෑ. ඒ නිසා වැදගත් පෙනුමක් ගෙන දෙන සිරුර අනවශ්‍ය විදිහට නොපෙනෙන ඇඳුම් ඔබේ තේරීම කරගන්න.
කෙළින් ඇවිදින්න..
සමහරුන් නිතරම ඉන්නේ බෙල්ල කඩා වැටිලා වගේ නමාගෙන. නැත්නම් නිතරම බිම බලාගෙන. ඉඳලා හිටලා ලැජ්ජා බය පෙන්නුම් කරන්න ඇස් ටිකක් බිමට හැරෙව්වට කමක් නෑ. හැබැයි බෙල්ල නමන්න එපා ඇවිදින විට හැමවිටම කෙළින් බලාගෙන කොන්ද කෙළින් තියාගෙන ඇවිදින්න. හොඳ පර්සනැලිටි එකත් තියෙන කාන්තාවන් දිහා පිරිමින්ගේ ඇස් යොමු වන්නේ නිතැතින්මයි. බලන්න, සමහර හෝටල්වල ආයතනවල සිටින පිළිගැනීමේ නිලධාරිනියන් ගුවන් සේවිකාවන් හමුදා නිලධාරියන් දිහා. දෙවරක් බලන්න හිතෙන තරමටම ඔවුන්ගේ ස්මාට් පෙනුම පෞරුෂත්වය හොඳින් කැපී පෙනෙනවා. ඕනෑවට වඩා කැපී පේන්න කියලා මවාගත්ත පෙනුමක් ආරුඩ කරගන්න ගියොත්. ඇඳුම්වලින් මේක් අප්වලින් විලාසිතාවලින් සීමාව ඉක්වවලා ගියොත් එයින් මුලාවේ වැටෙන්නේ කාන්තාවන්මයි. මේ වගේ අය දිහා කවුරුත් දවසක් දෙකක් බලාවි. ඉන් පස්සේ වෙසක් කාලෙට තොරන් වෙසක් කුඩු බැලුවා වගේ ටික දවසක් යනකොට කිසිම අවධානයක් නැතිවේවි.
ආචාරශීලී වෙන්න…
ආචාරශීලී බව කාන්තාවකට ආභරණයක් වගේ. ඔබේ හිනාව කතාව හැසිරීම වගේම ඔබේ ඉරියව් පවා මෙහිදී වඩාත් වැදගත්වනවා. ඔබ හිටගෙන ඉන්න විට ඉඳගෙන ඉන්න විට කකුල් සමීපව තබා ගන්න. අත් දෙක ඔබ ඉදිරිපසට වන්නට තබාගන්න අත් පැද්දීම, කකුල් පැද්දීම කතාබහ කරන විට හරඹ කරන්නාක් මෙන් අත් විසි කරමින් කතා කිරීම හඬනගා සිනාසීම, ශබ්ද නගා කතා කිරීම වැනි දේ නොකිරීමට වගබලා ගන්න.
හුස්ම ගන්නා විට නහයෙන් හොඳින් හුස්ම ගන්න. එවිට කොන්දට, ස්නායු පද්ධතියට වගේ පෙණහලුවලටත් හොඳින් ඔක්සිජන් වායුව ලබාගැනීම අපහසුයි.
තයිරොයිඩ්, පෙණහලුවල ආසාදන, කොන්දෙ අමාරු වාත අමාරු මේ ඔක්කොම ලෙඩ ඔබව පීඩාවට පත් කරාවි. මතක තියාගන්න හරි විදිහට කොන්ද තබා ගන්නේ නැත්නම් ස්නායු පද්ධතිය දුර්වල වුණොත් ඔබට ලස්සන ඉණක් හොඳ පපු පෙදෙසක් ලස්සන හිනාවක් තිබුණත් වැඩක් වන එකක් නෑ. මේ නිසා රූපවාහිනිය බලද්දී කාර්යාලයේ වැඩ කරද්දී ඇවිදින විටදී පවා සිරුර කෙළින් තබා ගන්න. ඈලී මෑලි දුබල ගතියෙන් කොන්ද නමාගෙන බෙල්ල නමාගෙන ඉන්න එපා ඒ ඉරියව් නම් කාන්තාවකට කොහොමත් සුදුසු නෑ.
ඔබ හැඩවැඩ වෙනවා වගේම ලස්සනට ස්මාට් එකට ඉන්න හැමවිටම උත්සාහ කරන්න. ඔන්න එහෙම වුණොත් නම් ඔබේ මහත්තය ඔබේ බෝයි ෆ්‍රෙන්ඩ් ඔය ලස්සන පෙනුමට හැමදාමත් වශී වේවි.

No comments:

Post a Comment

Recent Post