Latest News

Friday, May 13, 2016

ඔසප් ගැටළු වලට අත් බෙහෙත්



ඔසප් වීම සම්බන්ධ ගැටළු බොහොමයක් කාන්තාවන්ට තිබෙනවා. ඔවුන් එවැනි බොහෝ තත්වයන් වෛද්‍යවරයෙකුට පවා කියන්නට මාලි කමක් දක්වනවා. මෙවැනි පොදු ඔසප් ගැටළු වලට ආයුර්වේදයේ එන ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
 
මාසික ඔසප් වේදනාවට
 
කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න.
 
නතර වු මාස් ශුද්ධිය සඳහා
 
අරඵ,බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.
 
මසකට කීපවරක් ඔසප් වීමට
 
කඵ උක්,මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
 
කෙසේ නමුත් දිගින් දිගටම ඇති වන ඔසප් අක්‍රමිකතා හෝ ගැටළු සඳහා ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමු වීම ඉතා වැදගත් වනවා.

No comments:

Post a Comment

Recent Post