Latest News

Thursday, May 26, 2016

යුධ හමුදාපති හමුදාවේ ගෞරවය රැකගනී




පසුගිය දිනක සාමිපූර් ව්දුහලේ පැවති පාසල් බෑග් ඛෙදාදීමේ උත්සවයකට පැමිණි නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් මහතා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා සැර පරුෂ අන්දමින් බැන වැදීම අද වන විට සමාජ ජාලා වෙබ් අඩව් තුල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත.

නාවික හමුදා නිලධාරියා එම පලාතේ ආරක්ෂාව සබැදිව ක්‍රියා කරන පුද්ගලයකු වන හෙයින් ඔහුට බැන වැදීම සමස්ථ ආරක්ෂක අංශයන්ටම අපහාසාත්මක කරුණක් යන්න උක්ත කොට ගනිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා මහතා විසින් අදාල මහ ඇමති වරයා කිසිදු යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර ගැනීම තහනමි කර ඇති බව යුධ හමුදා අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment

Recent Post