Latest News

Friday, May 6, 2016

සති දෙකෙන් කලවාවල මහත අගලකින් අඩුකර ගැනීම සඳහා ඵලදායි රහස් මෙන්න.

kalawa




බොහෝ කාන්තාවන් මෙම ගැටලුවෙන් පිඩා විදිනවා. ශරීරයේ ස්ථුලත්වය අඩු කරගත යුතු ගැටලුමය ප‍්‍රදේශ  වන්නේ කළවා සහ උදරයයි. කළවවල ස්ථුලත්වය අවම කරගැනීමට පහසු හා ඵලදායි ක‍්‍රම තියනවා. සති දෙකෙන් කළවවල ස්ථුලත්වය අවම කරගැනීමට වෙහෙසකර ක‍්‍රියාකාරකම් හෝ ආහාර පාලනය කිමට පෙර පහත තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන්න.

පාද සම්භාහනය කිරීම.

පාදවල කලව දිනපතා සම්භාහනය කිරීමෙන් පාදවල රුධිර ගමනාගමනය හා පාදවල කැටි වී ඇති මේදය අඩු කර ගත හැක.

කළවාවල ප‍්‍රමාණය මනින්න.

ආරම්භක පියවර ලෙස ඔබේ කළවවල ප‍්‍රමාණය මැන ගැනීම සිදු කළ යුතුය… එ් සඳහා නැමෙන සුලූ මිනුම් පටියක් හෝ නූල් කැබැල්ලක් භාවිතා කළ හැක.
තෝරාගත් දිනයක හෝ සතියකට වරක් කළවවල ප‍්‍රමාණය මැන ඔබේ සාර්ථකත්වයේ ප‍්‍රතිඵල දිනපොතක සටහන් කර ගන්න.

ක‍්‍රියාකාරකම ආරම්භ කරන්න.

පරිශ‍්‍රමයක් දරා ක‍්‍රියාකාරකම්  කිරීම ආරම්භ කිරීම අවශ්‍ය නොවුව ද, ඔබේ ආහාර පිළිවෙල අනුව කායික ක‍්‍රියාකාරකම් වෙනස් කරගත යුතුය. දිනකට විනාඩි 20 ක් පමණ වියායම කිරීම ස්වභාවිකව බර අඩු කර ගැනීමට හා රුධිර ගමනාගමනය වර්ධනය කර ගැනීමට   හොද ක‍්‍රමයකි.
පාදවල පේශී සඳහා ව්‍යෘයාම කරන්න… ඇවිදීම, පය එසවීම, ඇනතබා ගැනීම, ඉදිරියට පැන පහර දීම සහ බයිසිකල් පැදීම කලවවල ස්ථුලත්වය දහනය කිරීමට ආදර්ශ වියායාම් කිහිපයකි.

කැලරි ප‍්‍රමාණය අඩු කර ගැනීම.

කැලරි පිළිබඳ අවධානය යොමු කරන්න… ආහාර ප‍්‍රමාණය අඩු කර දිනකට කැලරි 1500 ක් පමණ දහනය කරගන්න.
ඔබේ ආහාර වලින් සෝඩා වර්ග, පැණිරස සුලූ ආහාර වර්ග ඉවත් කරන්න. නමුත් ඔබේ ආහාර පිළිවෙත සම්පූර්ණයෙන් වෙනස් කර ගත යුතු නැත.
දිනකට ප‍්‍රධාන ආහාර වේල් වලට අමතරව ඔබ ගන්නා ආහාර වේල් ප‍්‍රමාණය අඩු කරගන්න. ආහාර නීති රීති වලට හා අභියෝග වලට අවනතව ආහාර අනුභවය සීමිත කරන්න.
මෙවැනි පහසු ක‍්‍රම අනුගමනයෙන් කළවවල ස්ථුලත්වය අගලකින් පමණ අනිවාර්යයෙන් අඩු කරගත හැක. ඉහත සඳහන් ක‍්‍රමවේද අනුගමනය කිරීම සිහින් දෙපා හා කළවා ලබාගැනීම සඳහා ඉවහල් වේ.

No comments:

Post a Comment

Recent Post